MCC ගිවිසුම ගැන ඇමෙරිකානු තානාපති කාර්යාලයෙන් නිවේදනයක්

මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම සම්බන්ධයෙන් ඇමරිකන් එක්සත් ජනපද තානාපති කාර්යාලය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එම සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වෙයි.
මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් අනෙකුත් සියලූම හවුල්කාර රටවල ක්‍රියාත්මක කල ප්‍රතිපත්තියට අනුකූලව, ප්‍රධාන ආධාර ගිවිසුම අත්සන් කළ පසු, ශ්‍රී ලංකා රජය එය අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට යවනු ඇත.
එවිට ගිවිසුම සමාලෝචනය කිරිමට පාර්ලිමේන්තුවට ප්‍රමාණවත් අවස්ථාවක් හිමිවෙයි.
එම සමාලෝචන කාලය තුළ ගිවිසුම ක්‍රියාත්මක කිරීමට සහ ප්‍රවාහන සහ ඉඩම් පරිපාලනය වැඩි දියුණු කිරීම සඳහා සැලසුම් කිරීමට ශ්‍රි ලංකා රජය කටයුතු කරනු ඇත.
මෙම ප්‍රධාන ආධාර ගිවිසුම මඟින් ශ්‍රී ලාංකීකයන් මිලියන 11 කට අධික සංඛ්‍යාවක් ඍජු ප්‍රතිලාභ ලබන අතර, ආර්ථික වර්ධනය අර්ථවත් ලෙස උත්තේජනය කරනු ඇත.
ප්‍රධාන ආධාර ගිවිසුමට රජයේ සහ ජනතාවගේ සහයෝගය ඇති බව සහතික කර ගැනීම සඳහා MCC ආයතනයට පාර්ලිමේන්තු අනුමැතිය අවශ්‍ය වෙයි.
605 Views
Comments