පෙළපොත් මුද්‍රණයෙන් කෝටි ගණනක පාඩුවක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
08

පෙළපොත් මුද්‍රණයෙන් කෝටි ගණනක පාඩුවක්

පෙළපොත් මුද්‍රණයෙන් කෝටි ගණනක පාඩුවක්

පාසල් දරුවන් සඳහා පෙළ පොත් මුද්‍රණය කිරීමේ කාර්යය රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාව සිදුකිරීම හේතුවෙන් මේ වන විට අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවට රුපියල් කෝටි විස්සකට අධික මුදලක් වැඩිපුර වැය කිරීමට සිදුව ඇතැයි වර්තවනවා

පෙළ පොත් මුද්‍රණය සඳහා රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාව පෞද්ගලික අංශයෙන් මුද්‍රණ කඩදාසි මිලදී ගන්නේ සාමාන්‍ය මිලට වඩා වැඩි මිලකට වීම මෙම තත්ත්වයට හේතුවී තිබෙනවා.

ඇමැති මණ්ඩල තීරණයක් අනුව රජයට අවශ්‍ය පාසල් පෙළ පොත් ප්‍රමාණයෙන් සියයට හතළිස් පහක් රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවට මුද්‍රණය කිරීමට අවස්ථාව ලබාදී ඇති අතර එම සංස්ථාව පෙළ පොත් මුද්‍රණය කර දී ඇත්තේ පෞද්ගලික අංශයේ මුද්‍රණකරුවන් පෙළ පොත් මුද්‍රණය කිරීමට ඉදිරිපත් කර ඇති මිල ගණන්වලට වඩා වැඩි මිලකට බව වර්තවනවා

මුද්‍රණ නීතිගත සංස්ථාව කඩදාසි මිලදී ගන්නේ සාමාන්‍ය මිල ගණන්වලට වඩා කිලෝවකට රුපියල් හැටකට වැඩි මුදලක් වැය කරමින් වන අතර මුද්‍රණ කඩදාසි මෙට්‍රික්ටොන් පන්සියයක් මිලදී ගැනීම සඳහා එම සංස්ථාව රුපියල් නවකෝටි අනූපන් ලක්ෂයකට අධික මුදලක් වැය කර තිබෙනවා .

සාමාන්‍ය මිල ගණන් යටතේ එම ප්‍රමාණය මිලදී ගැනීම සඳහා වැය වන්නේ රුපියල් හයකෝටි අසූලක්ෂයක පමණ මුදලක් බවද ඉහත ආරංචි මාර්ග සඳහන් කළා.

මෙම තත්ත්වය මත පෞද්ගලික අංශය රුපියල් එකසිය එකොළහකට මිල නියම කරන පොතකට මුද්‍රණ නීතිගත සංස්ථාව ඉදිරිපත් කරන මිල රුපියල් එකසිය පනස් එකක් වනවා.එමෙන්ම පෞද්ගලික අංශය රුපියල් එකසිය විසිදෙකකට මිල නියම කරන පොතකට සංස්ථාව ඉදිරිපත් කර ඇති මිල රුපියල් එකසිය හැත්තෑව ඉක්මවා තිබෙනවා.

මේ අයුරින් මුද්‍රණ නීතිගත සංස්ථාව මුද්‍රණ ඇණවුම් භාරගෙන ඇති සියලුම පොත් සඳහා විශාල මුදලක් අමතරව වැය කිරීමට සිදුවන අතර එතරම් වැඩි මිලකට සංස්ථාව කඩදාසි මිලදී ගැනීම පිළිබඳව එහි සේවකයෝ ම විමතිය පළකරනවා.

මේ අතර රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවට ලබාදීම සඳහා යැයි කියමින් තමන්ගෙන් අඩුකරන පෙළ පොත් මුද්‍රණ ඇණවුම් අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාව ලවා මුද්‍රණය කරනු වෙනුවට තමන්ට හිතවත් මුද්‍රණකරුවන්ට ලබාදෙන බවට මෙම අසාධාරණයට ලක්ව සිටින මුද්‍රණකරුවෝ පවසනවා.

 

views

714 Views

Comments

arrow-up