මට එන්න එපා කියලා නිල දැනුම් දීමක් කළේ නැහැ : මහේල විශේෂ විමර්ශන ඒකකයට පැමිණෙයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
03

මට එන්න එපා කියලා නිල දැනුම් දීමක් කළේ නැහැ : මහේල විශේෂ විමර්ශන ඒකකයට පැමිණෙයි

මට එන්න එපා කියලා නිල දැනුම් දීමක් කළේ නැහැ : මහේල විශේෂ විමර්ශන ඒකකයට පැමිණෙයි

 ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙක් වන මහෙල් ජයවර්ධන ක්‍රීඩා අමාත්‍යාංශයේ විශේෂ විමර්ශන ඒකකය වෙත පැමිණ තිබෙනවා.

 

ඒ 2011 ලෝක කුසලාන අවසන් මහ තරගය පාවා දුන් බවට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන වලට අදාලව ප්‍රකාශයක් ලබා දීම සඳහයි.

 

කෙසේ වුවත් ක්‍රීඩා අමාත්‍යාංශයේ විශේෂ විමර්ශන ඒකකය අද උදෑසන කියා සිටියේ මහෙල් ජයවර්ධනව අද දිනයේදී ප්‍රකාශයක් ගැනීමට කැඳවා තිබුනත් පසුව වෙනත් දිනයක් ලබාදීමේ බලාපොරොත්තු වෙන් අද ඔහුට නොපැමිණෙන ලෙස දැනුම් දුන් බවයි.

 

News Wire වෙබ් අඩවිය වෙත අදහස් දක්වමින් මහේල ජයවර්ධන කියා සිටියේ අද දිනයේදී නොපැමිණෙන ලෙස තමන්ට කිසිදු නිල දැනුම් දීමක් සිදු නොවූ බවත්, පෙර දැනුම් දුන් පරිදි තමන් විශේෂ විමර්ෂණ ඒකකයට පැමිණි බවයි.

 

2011 ලෝක කුසලාන අවසන් මහ තරගයේදී ශතකයක්ද වාර්තා කළ මහේල ජයවර්ධන එම කණ්ඩායමේ උප නායකවරයා ලෙස ද කටයුතු කරනු ලැබුවා.

 

views

754 Views

Comments

arrow-up