කොස්ගොඩ තාරක සහ පොඩි ලැසී මෙහෙයවන වර්ජනය - නිලධාරීන් දෙදෙනෙක් සාකච්ඡා සඳහා යයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUN
26

කොස්ගොඩ තාරක සහ පොඩි ලැසී මෙහෙයවන වර්ජනය - නිලධාරීන් දෙදෙනෙක් සාකච්ඡා සඳහා යයි

කොස්ගොඩ තාරක සහ පොඩි ලැසී  මෙහෙයවන වර්ජනය - නිලධාරීන් දෙදෙනෙක් සාකච්ඡා සඳහා යයි

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ අපරාධකරුවන් පිරිසක් ආරම්භ කර ඇති ආහාර වර්ජනය අද (26) දෙවන දිනටත් කි‍්‍රයාත්මක වනවා.

 

ඊයේ දිනයේ සිට ආහාර ප‍්‍රතික්ෂේප කරමින් එලෙස ආහාර වර්ජනයක නිරත වන්නේ වෙන - වෙනම සිර මැදිරිවල රඳවා සිටින විශේෂ ගණයේ අපරාධකරුවන් පිරිසක් බවයි බන්ධනාගාර ආරංචි මාර්ග පැවසුවේ.

 

තමන්ව සිර මැදිරිවලින් පිටතට ගෙන තබන කාලය වැඩි කරන ලෙස ඉල්ලමින් ඔවුන් එම ආහාර වර්ජනය කි‍්‍රයාත්මක කර තිබෙනවා.

 

එම පිරිස සිර මැදිරිවලින් පිටතට ගෙන ව්‍යායාම කිරීම සඳහා අවස්ථාව ලබා දෙන්නේ දිනපතා අවස්ථා දෙකකදී පැය 02 ක කාලයක් පමණයි.

 

සිය ගැටලූ පිළිබඳ බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා සමග සාකච්ඡා කිරීමට අවශ්‍ය බවට ද එම රැඳවියන් ඉල්ලීමක් කර තිබෙනවා. ඒ අනුව බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙනුවට බන්ධනාගාර කොමසාරිස්වරුන් දෙදෙනෙකු ඔවුන් සමග සාකච්ඡා කිරීම සඳහා අද දහවල් බූස්ස බන්ධනාගාරය වෙත පැමිණීමට නියමිත බවයි වාර්තා වන්නේ.  කොස්ගොඩ තාරක, සහ පොඩි ලැසී යන අපරාධකරුවන් එම ආහාර වර්ජනය මෙහෙයවන බවට ද තොරතුරු වාර්තා වී තිබෙනවා. 

 

views

953 Views

Comments

arrow-up