UNP තවත් ප්‍රබලයෙක් දේශපාලනයට සමුදෙයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUN
26

UNP තවත් ප්‍රබලයෙක් දේශපාලනයට සමුදෙයි

UNP තවත් ප්‍රබලයෙක් දේශපාලනයට සමුදෙයි

ශක්තිමත් එක්සත් ජාතික පක්ෂ තුල මතභේද ඇති කර කඩා වෙන් කිරිම තුලින් රාජපක්ෂ කදවුර ශක්තිමත් වන බව එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක සහ නුවරඑලිය දිස්ත්‍රික් අපෙක්ෂක නවින් දිසානායක මහතා පැවසිය.

 

නවින් දිසානායක මහතා එ බැව් කියා සිටියේ නවින් දිසානායක මහතාගේ මැතිවරණ කාර්යයාලයක් ගිනිගත්හේන නගරයේ විවෘත කිරිමෙන් අනතුරුව පැවති ජන හමුවේදිය.

 

රටේ නායකයින් ගණනාවක් බිහි කර ශක්තිමත් එක්සත් ජාතික පක්ෂය තවදුරටත් ශක්තිමත් නායකයින් රැසක් රැදි සිටින බවත් , එක්සත් ජාතික පක්ෂයෙන් වෙන් වි ගිය කොටසක් කිසිදු ප්‍රතිපත්තියක් නොමැතිව රටේ පාලන බලය ලබා ගැනිමට උත්සහ කරන බවත් , එය කිසිසේත් ඔහුන්ට සිදු කල නොහැකි බව නවින් දිසානායක මහතා පවසයි.

 

මහ මැතිවරණයේදි සමගි ජනබලවේගය මන්ත්‍රි ධුර කිහිපයක් ලබා ගන්නා බවත් , එසේ තේරි පත් වන මන්ත්‍රිවරුන් අනිවාර්යෙන්ම රාජපක්ෂ කදවුර ශක්තිමත් කිරිමට ඔහුන් පිහිටුවන රජයත් සමග එක්වන බව නවින් දිසානායක මහතා පෙන්වා දෙයි.

 

සමගි ජන බලවේගය සමග එක් වි සිටින වැඩි පිරිසක් බලය සහ තනතුරු නොමැතිව දේශපාලනයේ රැදි සිටිමට නොහැකි පිරිසක් බවත් , එම පිරිස මැතිවරණයෙන් ජයගෙන ශ්‍රි ලංකා නිදහස් පොදු ජන සන්ධානය පිහිටුවන රජයට අනිවාර්යෙන්ම එක්වන බවද නවින් දිසානායක මහතා පැවසිය.

 

තමන් මහ මැතිවරණයක් සදහා ඉදිරිපත් වන අවසන් මැතිවරණය මෙය බවත් , තමන් එක්සත් ජාතික පක්ෂිකයෙක් වශයෙන් දේශපාලනයේ රැදි සිටින බව නවින් දිසානායක මහතා මෙම රැස්විමේදි වැඩිදුරටත් කියා සිටියේය.

 

views

1450 Views

Comments

arrow-up