අද (22) කොවිඩ් ආසාදියන් 175ක් වාර්තා වෙයි

අද (22) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 175ක් හඳුනා ගත් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 19,946ක් දක්වා ඉහළ ගොස් තිබේ.
අද දිනයේ හඳුනාගත් ආසාදිතයින් සියලුදෙනා පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයින් වෙන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ඒ අනුව මිනුවන්ගොඩ හා පෑලියගොඩ කොවිඩ් පොකුර ද සමස්ත ආසාදිතයින් ගණන 16,427ක් දක්වා ඉහළ ගොස් තිබේ.
අද දිනයේ දී ආසාදිතයින් 479ක් සුවය ලැබීමත් සමග මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 14,069ක් විය.
ඒ අනුව රෝහල්ගත කොවිඩ් ආසාදිතයින් ගණන 5,794ක් දක්වා වැඩිවී තිබේ.
702 Views
Comments