NOV
10
කොරෝනාවෙන් මියයන මුස්ලිම් ජාතිකයන්ගේ දේහයන් භූමදානය කිරීමට අවසර - සිලෝන් තවුහිද් ජමාත් රජයට තුති පුදයි

කොරෝනා වසංගතයෙන් මිය යන මුස්ලිම් ජාතිකයන්ගේ දේහ භූමදානය කිරීම සදහා රජය විසින් අවසර ලබා දීම සම්බන්න්ධයෙන් සිලෝන් තව්හීද් ජමාත් සංවිධානය ජනපති ඇතුළු වත්මන් රජයට සිය ප්‍රණාමය පළ කර සිටියි.
එහි මහ ලේකම් අබ්දුල් රාසික් මහතාගේ අත්සනින් යුතු ලිපියක් මගින් එම සංවිධානය ප්‍රකාශ කර සිටින්නේ සුළු ජාතීන්ගේ ආගමික අයිතිය සම්බන්ධයෙන් ලබාදුන් මෙම තීන්දුව සම්බන්ධයෙන් ස්තූතිවන්ත වන අතර කොරෝනා රැල්ල මැඩපැවැත්වීමට ඔවුන් රජයට සියළු සහය දෙන බවත් ය.
957 Views
Comments