ඊයේ දින වාර්තාවූ රෝගීන් 275න් 39දෙනෙක් පොලිසියෙන් - රෝගීන්ගේ විස්තර මෙන්න
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
03

ඊයේ දින වාර්තාවූ රෝගීන් 275න් 39දෙනෙක් පොලිසියෙන් - රෝගීන්ගේ විස්තර මෙන්න

ඊයේ දින වාර්තාවූ රෝගීන් 275න් 39දෙනෙක් පොලිසියෙන්  - රෝගීන්ගේ විස්තර මෙන්න

ඊයේ දිනයේදී මෙරටින් වාර්තා වූ කොරෝනා වෛරසය ආසාදනය වූ ආසාදිතයින් 275 දෙනා අතුරින් 39 දෙනෙකු පොලිසියට සහ පොලිස් විශේෂ කාර්ය බළකායට අයත් සාමාජිකයින් බව කොවිඩ් 19 පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටිනවා.

 

එලෙස වාර්තා වන කොරෝනා ආසාදිතයින් අතර පොලිස් විශේෂ කාර්ය බළකායේ සාමාජිකයින් 23 දෙනෙකු ද අයත්. මිට අමතරව ඊයේ දිනයේදී ගම්පහ දිස්ත්‍රික්කයෙන් කොරෝනා ආසාදිතයින් 90 දෙනෙකු වාර්තා වී තිබෙනවා.

 

එලෙස ආසාදිතයින් වාර්තා වී තිබෙන ප්‍රදේශ වන්නේ :

ගම්පහ 09,

කඳාන 02,

මහර 34,

බියගම 18,

මිනුවන්ගොඩ 01,

කැලණිය 16,

වත්තල 03,

පෑලියගොඩ 03,

රාගම 02ක් සහ කඩවත 02ක් ලෙස ආසාදිතයින් වාර්තා වී ඇත.

කොළඹ දිස්ත්‍රික්කය ( ආසාදිතයින් 61) : කොළඹ (1-15) 32, කොළඹ නගර සභාවේ සේවකයින් 09ක්, කහතුඩුව 01, කොළොන්නාව 12, වැලිපිල්ලෑව 02, රාජගිරිය, මොරටුව, හෙල්තොට සහ අළුබෝමුල්ල යන ප්‍රදේශවලින් එක් ආසාදිතයා බැගින් වාර්තා වී ඇත.

 

කෑගල්ල දිස්ත්‍රික්කය ( ආසාදිතයින් 22) : වරකාපොළ 11, අරණායක 10, යටියන්තොට 01.

 

ගාල්ල දිස්ත්‍රික්කය ( ආසාදිතයින් 10) : ගාල්ල 09 / හික්කඩුව 01. රත්නපුර දිස්ත්‍රික්කය : ආසාදිතයින් 04

 

කුරුණෑගල දිස්ත්‍රික්කය : ආසාදිතයින් 04 නිරෝධායන මධ්‍යස්ථාන තුලින් ආසාදිතයින් 43ක් ද කළුතර සහ ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්ක වලින් එක් ආසාදිතයෙක් බැගින් වාර්තා වී ඇත.

 

 

 

views

815 Views

Comments

arrow-up