PCR සඳහා අය කළ හැක්කේ ‘රුපියල් 6000 – 9000 මුදලක්’ පමණයි

සෞඛ්‍ය අමාත්‍යාංශයේ පූර්ණ නියාමනය යටතේ පී.සී.ආර්. පරීක්ෂණ කිරීමට පෞද්ගලික රෝහල් කළමනාකාරිත්වය ඊයේ (2 වැනිදා) එකඟත්වය පළකර තිබෙනවා.
සෞඛ්‍ය ඇමැති පවිත්‍රා වන්නිආරච්චි හා පෞද්ගලික රෝහල් කළමනාකාරීත්වය අතර සෞඛ්‍ය අමාත්‍යාංශයේදී යේ දී විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණා. මේ වන විට පෞද්ගලික රෝහල් හතරක පී.සී.ආර්. පරීක්ෂණ සිදුකරයි.
දෛනිකව පරීක්ෂණ 3000ක් කරන අතර එම පරීක්ෂණවල ගැටලු මතුවූ බවට පසුගිය කාලයේදී චෝදනා එල්ල කෙරුණා. පෞද්ගලික රෝහල් සිදුකරන පී.සී.ආර්. පරීක්ෂණ නියාමනය කිරීමේදී රසායනාගාරවල තත්ත්වය පරීක්ෂා කිරීමටද එහි ගුණාත්මකභාවය වැඩිකිරීම සඳහා තාක්ෂණික සහයෝගය සෞඛ්‍ය අමාත්‍යාංශය ලබාදීමටද මෙහිදී තීරණය කර තිබෙනවා.
පරීක්ෂණවල ප්‍රමිතිය වැඩි දියුණු කිරීම සහ ධාරිතාවය වැඩි කිරීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා කර ඇති අතර පෞද්ගලික රෝහල් සිදුකරන පී.සී.ආර්. පරීක්ෂණවල සාම්පල අහඹු ලෙස ලබාගනිමින් බොරැල්ල වෛද්‍ය පර්‌යේෂණායතනයේදී පරීක්ෂා කිරීමටද මෙහිදී තීරණය කර ඇති බව වාර්තා වනවා.
පෞද්ගලික රෝහල් මගින් පී.සී.ආර්. පරීක්ෂණ සිදුකිරීමේදී අය කරන මුදල රුපියල් 6000 සිට 9000 දක්වා පමණක් අය කිරීමටද මෙම සාකච්ඡාවේදී එකඟ වී තිබෙනවා.
761 Views
Comments