නීති හදන්න ඕනෑ එක එක පුද්ගලයින්ගේ වුවමනාවන් වෙනුවෙන් නෙවෙයි – විමල්
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
09

නීති හදන්න ඕනෑ එක එක පුද්ගලයින්ගේ වුවමනාවන් වෙනුවෙන් නෙවෙයි – විමල්

නීති හදන්න ඕනෑ එක එක පුද්ගලයින්ගේ වුවමනාවන් වෙනුවෙන් නෙවෙයි – විමල්

එක් එක් පුද්ගලයින්ගේ අවශ්‍යතා මත නීති සම්පාදනය කිරීම කවුරුන් කළත් එය වැරදි බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

 

“පුද්ගලයින් ඉලක්ක කරගෙන නීති සම්පාදනය කිරීම එදා කළත් වැරදියි, අද කළත් වැරදියි. අපි නීති සම්පාදනය කරන්න ඕනේ පුද්ගලයින්ගේ අවශ්‍යතා දිහා බලලා නෙවෙයි, පොදුවේ රටක් හා සමාජයක්, අපේ රාජ්‍යයේ අවශ්‍යතා දිහා බලලා.

 

එතකොට රාජ්‍යය බල ගන්වන්න, සමාජය බල ගන්වන්න … ඒ සඳහා තමයි අපි නීති සම්පාදනය කළ යුත්තේ. ඉතිං අපි හිතනවා පුද්ගලයින් ඉලක්ක කරගෙන නීති සම්පාදනය කිරීම කොහෙන් කවුරු කරත් ඒක සුදුසු නෑ” යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.

 

විමල් වීරවංශ මහතා මේ බව පැවසුවේ ඊයේ (08) මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

views

832 Views

Comments

arrow-up