නව ව්‍යවස්ථාව කෙටුම්පත් කිරීමට විද්වත් කමිටුව පත් කරයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
03

නව ව්‍යවස්ථාව කෙටුම්පත් කිරීමට විද්වත් කමිටුව පත් කරයි

නව ව්‍යවස්ථාව කෙටුම්පත් කිරීමට  විද්වත් කමිටුව පත් කරයි

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීම සඳහා ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් සාමාජිකයින් නව දෙනෙකුගෙන් යුත් විශේෂඥ කමිටුවක් පත්කර ඇතැයි සම-කැබිනට් ප්‍රකාශක අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසනවා.


අද උදෑසන පැවති කැබිනට් මාධ්‍ය හමුවට එක්වෙමිනුයි අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.


එම කමිටුවේ අනෙකුත් කමිටු සාමාජිකයින් වන්නේ, ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා,ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන,ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන,ජනාධිපති නීතිඥ සමන්ත රත්වත්තේ,මහාචාර්ය නදීමා කමුර්දීන්,මහාචාර්ය ජී.එච් පීරිස්,මහචාර්ය වසන්ත සෙනෙවිරත්න සහ ආචාර්ය ඒ. සර්වේෂ්වරන් යන අයයි.

 

views

777 Views

Comments

arrow-up