රජයේ තනතුරුවල පත්වීම් වෙනස් කරන්න බලපෑම් කරන්න එපා.වෙනස් කරන්නේ නෑ.! ජනපති කියයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
03

රජයේ තනතුරුවල පත්වීම් වෙනස් කරන්න බලපෑම් කරන්න එපා.වෙනස් කරන්නේ නෑ.! ජනපති කියයි

රජයේ තනතුරුවල පත්වීම් වෙනස් කරන්න බලපෑම් කරන්න එපා.වෙනස් කරන්නේ නෑ.! ජනපති කියයි

මෑතකදී මා ප්‍රමුඛ රජය විසින් කරන ලද යම් යම් පත්වීම්වලට විරුද්ධව විවිධ බලපෑම් ඉදිරිපත් වෙමින් පවතී.
මේ පත්වීම් සියල්ල සිදු කරන ලද්දේ, අප රටේ ස්වෛරීත්වය, ජාතික ආරක්ෂාව මෙන්ම ජාති හිතෛෂිබව, සුදුසුකම් සහ පසුබිම පරීක්ෂා කරමිනි.

 


රජයේ ප්‍රතිපත්ති ය වන සෞභාග්‍යය යේ දැක්මට අදාල වන  පරිදි රජයේ ප්‍රතිපත්ති සාර්ථකව ඉදිරියට ගෙන යාමට හැකි ආකාරයට පත්වීම් කර ඇති බැව් මම අවධාරණය කරමි.

 


ගැඹුරින් සිතා බලා කරන ලද පත්වීම් වෙනස් කොට, විවිධ බලපෑම් නිසා වෙනත් අය ඒ සඳහා යෙදවීමට කිසිදු අපේක්ෂාවක් මා තුළ නොමැත.

 


එබැවින් යම් පත්වීමකට විරුද්ධව එය වෙනස් කරන ලෙස තමන්ට හෝ රජයට බලපෑම් නොකරන ලෙස මම සියලුදෙනාගෙන්ම කාරුණිකව ඉල්ලා සිටිමි.

 


පත්වීම්වලට විරුද්ධව අදහස්  පළ කිරීමෙන් එසේ තෝරා පත් කරගත් පුද්ගලයින්ට භාර දෙන ලද කාර්යය හා කර්තව්‍යය නිසි පරිදි ඉටු කිරීමට නොහැකි වේ. සමාජය තුළ ඔවුුන්ව අව්තක්සේරුවට  ලක්වීමෙන් රජය ගෙන යන වැඩපිළිවෙළ ද දුර්වල වනු ඇත.

 

views

1495 Views

Comments

arrow-up