නව අගමැති දළදා සමිදුන් වැද පුදා ගනියි
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
23

නව අගමැති දළදා සමිදුන් වැද පුදා ගනියි

නව අගමැති දළදා සමිදුන් වැද පුදා ගනියි

අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද උදෑසන මහනුවර ශ‍්‍රී දළදා මාළිගාවට පැමිණ ශ‍්‍රී දන්ත ධාතුන් වහන්සේ වැඳ පුදා ගත්තා. නව අග‍්‍රාමාත්‍යවරයා ලෙස පත් වීමෙන් පසු මහින්ද රාජපක්ෂ මහතා දළදා මාලිගාව වෙත පැමිණි පළමු අවස්ථාව මෙයයි. 

 

රාජ්‍ය නායකයකුට පිරිනැමෙන උතුම්ම සත්කාරයට අනුව රතු පලස් මතින් නව අග්‍රාමාත්‍යවරයා කැඳවා ගෙන එනු ලැබූ අතර ශ්‍රී දළදා මාළිගාව අබියසදී ඔහු පිළිගනු ලැබුවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා විසිනි. සිව් මහා දේවාලයන්හි බස්නායක නිලමේවරුන් සහිතව දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා විසින් නව අග්‍රාමාත්‍යවරයා දන්ත ධාතු මන්දිරය වෙත කැඳවාගෙන යනු ලැබුවා.

 

දළදා වහන්සේ වන්දනා කිරීමෙන් අනතුරුව විශේෂ අමුත්තන්ගේ සමර පොතෙහි සටහනක් තැබීමට ද නව අග්‍රාමාත්‍යවරයා කටයුතු කළහ. දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා විසින් රිදී මංජුසාවක් නව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත පිළිගන්වුවා.

 

චන්ද්‍ර රැස් සෑම ස්ථානයකටම විහිදෙන අයුරින් රාජ්‍ය නායකයන්ගේ සේවාව සෑම පුද්ගලයාටම භේදයෙන් තොරව හිමි විය යුතු යැයි මල්වතු  පාර්ශවයේ මහනායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමිපාණන් වහන්සේ පවසති. නමුත් ගල්ගුහාවක් තුළට චන්ද්‍ර එළිය නොවැටෙන සේ සේවය නොකළ යුතු බවත් රාජ්‍ය පාලකයන්ගේ සේවය කිසිදු භේදයකින් තොරව සියලුත දෙනාට හිමි වීම අපේක්ෂා කරන බව නව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවේ මල්වතු පාර්ශ්වයේ මහා නායක හිමිපාණන් වහන්සේ සඳහන් කළහ.

 

රටේ සියලු ජනතාවට අද වනවිට කිසිදු භේදයකින් තොරව සේවය අවශ්‍ය වී ඇතැයි ද එම සේවය ඔවුන් වෙනුවෙන් සිදු කළ යුතු යැයි මහනායක හිමිපාණන් වහන්සේ සඳහන් කළහ.

 

 

 

 

 

views

590 Views

Comments

arrow-up