ජනපති අවසන් වරට ජාතිය අමතයි (VIDEO)

ජනාධිපතිධුරයෙන් විශ්‍රාම යන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ජාතිය අමතා සිය අවසන් ප්‍රකාශය සිදුකරනු ලැබුවා. එහිදී ජනාධිපතිවරයා කියා සිටියේ තමන් සිය ජනාධිපතිධුරය දැරූ කාලසමය සම්බන්ධයෙන් තෘප්තියෙන් යුතුව විශ්‍රාම යන බවයි.
2015 ජනවාරි මස 08 වෙනිදා පැවති ජනාධිපතිවරණයෙන් මාහට ජයග්‍රහණය කිරීම වෙනුවෙන් ජන්දය ප්‍රකාශ කළ හැට දෙලක්ෂයක් ජන්දය ලබාදුන් සියලු දෙනා හට මා ස්තුතිය පුදකරනවා. මා ජනාධිපතිවරයා වශයෙන් ජනවාරි මස 09 වෙනිදා දිවුරුම් දීමෙන් පසු දින කිහිපයකට පසුව මහනුවර ශ්‍රී දළදා මාළිගාව අභියසදී විශේෂ ප්‍රකාශයක් සිදුකළා.
එහිදී ඔබලාට මා සිදුකළ ප්‍රකාශය ඔබලාට මතක ඇති. ඒ මම යළිත් වරක් ජනාධිපතිවරණය සඳහා තරග නොකරන බවයි. එහිදී මා හට තිබු අසීමිත විධායක බලය පාර්ලිමේන්තුවට, ඇමති මණ්ඩලයට සහ ස්වාධින කොමිෂන් සභාවන් වෙත සහ අධිකරණයට දුන්නා. එයින් මා නැවතුනේ නැහැ. ජනතාව මාව ජනාධිපතිවරණය සඳහා තෝරා පත්කර ගත්තේ වසර 06ක් සඳහා. නමුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව මා එය වසර 05ක් දක්වා අඩු කර ගත්තා.
මාගේ පාලනය කාලය තුලදී ජනතාවට උපරිම නිදහසක් ලබාදුන්නා.
විශේෂයෙන්ම අසීමිත මාධ්‍ය නිදහසක් ලබාදුන්නා. ඒ නිදහස හේතුවෙන් අවසානයේදී මටම පාරාවළල්ලක් වුණා. සමාජ මාධ්‍ය ඇතුළු මාධ්‍ය විසින් මාව ඉලක්ක කරගනිමින් විවිධ අයුතු චෝදනා වලට ලක්වන්නට සිදුවුණා. නමුත් මා එයින් සැලුනේ නැහැ.
මාගේ පාලන සමයේදී කිසිදු පුරවැසියෙකුට ආණ්ඩුවේ තුවක්කු පත්තු වුනේ නැහැ. ඔවුන්ට නිදහසේ සිටීමට මම අවශ්‍ය වටපිටාව සකසා දුන්නා. මාගේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සදහන් බොහෝ කරුණු ඉටුකරන්න පුළුවන් උනා කියා මා විශ්වාස කරනවා.
මා හා ආණ්ඩුවේ ඇතැම් පාර්ශ්ව අතර ඇතිවූ ප්‍රතිපත්තිමය ගැටළු නිසා ගතවු වසර 05 කාලය තුලදී ජනතාවට සිදුකලාට වඩා දෙයක් සිදුකිරීමට තිබු දේ කරන්න මට හැකියාව නොහැකි උණා. ඒ ආණ්ඩුවේ ඇතිවූ ගැටළු නිසා.ලබාදුන් නිදහස අයුතු ලෙස ප්‍රයෝජන ගත්තා ආණ්ඩුවේ සිටි ඇතැම් අය. මා බලයට පත්වන විට මේ රටට විදෙස් රටවල් වලින් දැඩි බලපෑම් එල්ලවී තිබුනා. ඒ 2014 වර්ෂය සමයේදී. නමුත් මාගේ පාලන කාලය තුලදී ජාත්‍යන්තරයෙන් එල්ලව තිබු බලපෑම් සියයට 90ක් ඉවත් කර ගැනීමට හැකියාව ලැබුණා.
හෙට දවසේදී අපිට තියෙන ප්‍රධාන ගැටළු කිහිපයක් තිබෙනවා. ඒ දුගීකම පිටුදැකීම, සිංහල,දමිළ සහ මුස්ලිම් ජාතින් තුල එකමුතුකම ඇතිකිරීම වැදගත්. ඒ වෙනුවෙන් මම ගතහැකි සියලු දේ මම කළා. එනම් දුෂණ සහ වංචා සොයන්න මම ඉදිරියට ආවා. මගේම රජයේ දුෂණ වංචා සොයන්න මම ජනාධිපති කොමිෂන් සභා පත්කළා.
මහබැංකු වංචාව ගැන සොයන්න මම ජනාධිපති කොමිසමක් පත්කළා. ඒ සම්බන්ධයෙන් මේ වන විටත් සාර්ථක ලෙස පරීක්ෂණ පවත්වාගෙන ගියා. මහ බැංකුවේ වෝහාරික විගණනයක් සිදුකළා. ඒ විදෙස් සමාගමක මැදිහත් වීමෙන්. එහිදී වාර්තා පහක් ලබා දුන්නා. එය ඉදිරියේදී පාර්ලිමේන්තුව හමුවට ඉදිරිපත් කරලා ජනතාවට විවෘත කරනු ඇති බව මම බලාපොරොත්තු වෙනවා. එය නව ජනාධිපතිවරයාට තිබෙන වගකීමක්.
එමෙන්ම හෙට දිනයේදී නව ජනාධිපතිවරණයක් පත්වීමට නියමිතයි.
එහිදී ජනාධිපතිවරයාට තිබෙන පළමු අභියෝගය තමයි පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රිවරුන් 225 දෙනා අතුරෙන් දුෂණයෙන් තොර හොද අමාත්‍ය මණ්ඩලයක් පත්කිරීමයි.
එමෙන්ම මෙම ජනාධිපතිවරණයේදී කිසිදු ගැටළුවකින් තොරව පැවැත්වීමට හැකිවුයේ වත්මන් ජනාධිපතිවරයා ලෙස මා නිර්පාක්ෂිකවිමයි.වත්මන් ජනාධිපතිවරයාට තිබෙන වගකීම් සමුදායක් තිබෙනවා. ඒ රටේ ජනතාවට ලබාදුන් ප්‍රජතන්ත්‍රවාදය සුරකමින්, මාධ්‍ය නිදහස තව තවත් වැඩි කරමින් කටයුතු කිරීම ඔහුගේ වගකීමයි. එමෙන්ම මාගේ නායකත්වයෙන් ආරම්භ කළ මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීම, වකුගඩු රෝග පාලනය ඇතුළු වැඩසටහන් දිගින් දිගටම සිදුකරන්න කියා මා ඉල්ලා සිටිනවා.
එමෙන්ම ත්‍රිවිධ හමුදාවට, පොලිසියට, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවට සහ රජයේ සේවකයින්ට මාගේ ස්තුතිය පුදකර සිටිනවා.
රටේ නිදහස වෙනුවෙන් සටන් වැදුණු දේශප්‍රේමි නායකයින් ඉංග්‍රීසින් විසින් දේශද්‍රෝහීන් ලෙස නම් කර තිබු අතර ඔවුන්ව දේශප්‍රේමින් ලෙස නම් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට ලැබීම මා ලද ජයග්‍රහණයක්.
මගේ නිල කාලය තුලදී යුද්ධයෙන් පිඩා විදි උතුරු නැගෙනහිර ජනතාව වෙනුවෙන් මාහට යම් සේවයක් කිරීමට ලැබුනා. ඔවුන්ගේ ඉඩම් නිදහස් කිරීමට සහ ඔවුන්ගේ ජිවන තත්ත්වය ගොඩ නැගීමට මාහට හැකියාව ලැබුණා. මම ඒ ගැන සතුටු වෙනවා.
ජනාධිපතිවරයෙක් වශයෙන් මා ගත් ඇතැම් තීන්දු තීරණ ආන්දෝලනාත්මකයි. සමහරු කිව්වා මම කඩුව එලියට ගත්තට පාවිච්චි කලේ නැහැ කියලා. මම කඩුව පාවිච්චි කළා. මගේම අගමැතිවරයා අස්කළා.වෙනත් කෙනෙක් පත්කළා. පාර්ලිමේන්තුව විසුරුවා හරින්න ගැසට් නිවේදන 05ක් මම අත්සන් කළා.
පොලිසිය මාගේ යටතට අරන් මාස 11ක් පමණයි. පොලිස් දෙපාර්තමේන්තුව තුල මා වෙනසක් කළා. මාගේ නිල කාලය තුල මා මුහුණ දුන් වඩාත් වේදනාකාරී සිදුවීම වුයේ ඉකුත් අප්‍රේල් 21 වෙනිදා එල්ලවූ මිලේච්ජ ත්‍රස්ත ප්‍රහාරයයි. එහිදී මියගිය රටේ මෙන්ම විදෙස් ජාතිකයින් මේ මොහොතේදී මා ගෞරවයෙන් සිහිපත් කරනවා. එය වලක්වා ගන්න තිබු දෙයක්.
කවුරුන්හෝ මාගෙන් ඇසුවොත් ඔබගේ නිල කාලය ගැන සතුටු වෙනවද කියා මා දෙන පිළිතුර නම් සත්‍ය වශයෙන්ම මා සතුටු වෙනවා කියයි. මා ජනතාවට දුන් වාසිය කෙනෙකුගේ සාක්කුවට දැනෙන්නේ නැහැ. නමුත් ජනතාවට මම ලබාදුන් නිදහස ගැන සතුටු වෙනවා.
මාගේ දේශපාලන ගමන ශක්තිමත් කිරීමට මාහට උපකාරීවූ මාගේ බිරිඳ ඇතුළු දරුවන් මම ස්තුති වන්ත වෙනවා. වසර 05 ක් ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ මා හෙට දිනයේදී ජනාධිපතිවරයා ලෙස පත්වන අයට මා උණුසුම් සුභ පතනවා.
මා ජනාධිපතිකමෙන් විශ්‍රාම ගියත් රට වෙනුවෙන් ජනතාව වෙනුවෙන් සිදුකළ යුතුකම් මා ඉටු කිරීමට කටයුතු කරනවා යැයි මෙහිදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කර සිටියා.
ගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ජාතිය ඇමතිම
Posted by Maithripala Sirisena on Saturday, November 16, 2019
839 Views
Comments