ප්‍රථම තැපැල් ඡන්ද ප්‍රතිඵලය රත්නපුර ?

මෙරට 7 වන විධායක ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනෙන ඡන්ද විමසීම මීට සුළු මොහොතකට පෙර අවසන් වුණා. ඒ අනුව ඡන්ද ගණන් කරන මධ්‍යස්ථාන වෙත ඡන්ද පෙට්ටි ප්‍රවාහනය කිරීම ආරම්භ වී තිබෙනවා. සමස්ත ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව 80% පමන අගයක් වාර්තා වනවා.
2018 ඡන්ද හිමි නාම ලේඛනයට අනුව මෙවර ජනාධිපතිවරණය සඳහා ලියාපදිංචි ඡන්ද දායකයින් සංඛ්‍යාව එක්කෝටි පනස් නව ලක්ෂ අනූ දෙදහස් අනූ හයක්. ඡන්දබල ප්‍රදේශ 160 ක් ආවරණය වන පරිදි ජනාධිපතිවරණ ඡන්ද විමසීම පැවැත්වුණා .
ප්‍රථම තැපැල් ඡන්ද ප්‍රතිඵලය අද මධ්‍යම රාත්‍රීට ප්‍රථමයෙන් ලබාදීමට හැකි වෙතැයි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසනවා.ප්‍රථම තැපැල් ඡන්දය රත්නපුර දිස්ත්‍රික්කයේ විය හැකි යැයි ඔහු ඊයේ ප්‍රකාශ කළා.
සමාජ ජාලාවල හැසිරීම අන්තිම නරකයි - මැකො සභාපති මැතිවරණ විශේෂ පුවත් සහ ප්‍රතිඵල එසැණින් දැනගන්න අායුබෝ News පිටුවත් Like කරන්න
Posted by ආයුබෝ News on Friday, November 15, 2019
1164 Views
Comments