ආන්දෝලනාත්මක ඡායාරූපය ගැන විමසන්න අද CID කැඳවන පුද්ගලයා
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
17

ආන්දෝලනාත්මක ඡායාරූපය ගැන විමසන්න අද CID කැඳවන පුද්ගලයා

ආන්දෝලනාත්මක ඡායාරූපය ගැන විමසන්න අද CID කැඳවන පුද්ගලයා

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අගමැති මහින්ද රාජපක්ෂ මහතා එම ආර්යාවන් සහ අමාත්‍ය චන්ද්‍රසේන මහතා සහිත පින්තූරයක් සමාජ ජාලාවල පළ වීම සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා චම්පික රණවක හිටපු අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම් ලෙස කටයුතු කළ ධනුෂ්ක රාමනායක මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැදවා තිබෙනවා.

 

අද පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස ඔහුට දන්වා ඇතැයි ඔහු තම සමාජ ජාල ගිණුමේ සඳහන් කර තිබුණා.

 

එකී පින්තූරය තමන් විසින් ව්‍යාජ ලෙස සංස්කරණය කරන ලද්දක් නොවන බවත් එය කිසියම් අයෙකුගේ සමාජ ජාල ගිණුමකින් උපුටා ගන්නා ලද්දක් බවත් ඔහු සඳහන් කර තිබෙනවා.

 

 

 

 

views

795 Views

Comments

arrow-up