5000 ඉල්ලා ග්‍රාම නිලධාරීවරයෙකුට තර්ජනය කළ අයෙකු අත්අඩංගුවට

රජය මගින් ලබාදෙන රුපියල් පන්දහසේ දීමනාව ලබාගැනීමට ගිය අවස්ථාවේ ග්‍රාම නිලධාරිවරයෙකුට තර්ජනය කළ බව කියන පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පිළියන්දල – නිවුන්ගම ප්‍රදේශයේ පදිංචි අදාළ පුද්ගලයා ඊයේ තම මවට හිමි රුපියල් පන්දහසේ දීමනාව තමන්ට ලබාදෙන ලෙස ග්‍රාම නිලධාරිවරයාට බලපෑම් කර ඇති අතර, ඔහු එය ප්‍රතික්ෂේප කළ අවස්ථාවේ රාජකාරියට බාධා කර බැන වැදී ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
දැනට අනුරාධපුර ප්‍රදේශයේ ජීවත්වන මොහුගේ මව අදාළ මුදල ඔහුට ලබාදෙන ලෙසට කිසිදු දැනුම්දීමක් ග්‍රාම නිලධාරී වෙත සිදුකර නොමැති බවට දැනුම්දීමත් සමඟ මෙම කළහකාරී තත්ත්වය හටගෙන තිබෙනවා.
කෙසේ වෙතත් සැකකරු තමන්ට හිමි රුපියල් පන්දහසේ දීමනාවද ලබාගැනීමෙන් අනතුරුවයි මෙලෙස තම මවට හිමි පන්දහසේ දීමනාව ද ලබාගැනීමට තැත් කර ඇති බවයි වාර්තා වන්නේ
771 Views
Comments