කොරෝනා නිසා දුමින්ද හා චොකා මල්ලිට මාරුවක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
10

කොරෝනා නිසා දුමින්ද හා චොකා මල්ලිට මාරුවක්

කොරෝනා නිසා දුමින්ද හා චොකා මල්ලිට  මාරුවක්

වැලිකඩ බන්ධනාගාර රෝහල කොරෝනා ආසාදිත රැඳවූවන්ට ප්‍රතිකාර කිරීම සඳහා යොදා ගැනීමට තීරණය කර ඇත. දැනට ප්‍රතිකාර ලබන රැඳවූවන් එකසිය පනහකට ආසන්න ප්‍රමාණයෙන් එකසිය දොළහක් පමණ මහර බන්ධනාගාරයට මාරු කර යැවීමට බන්ධනාගාර මූලස්ථානය පියවර ගෙන ඇති බව බන්ධනාගාර පුනරුත්ථාපන හා පාලන කොමසාරිස් චන්දන ඒකනායක පවසයි.

 

එසේම බන්ධනාගාර රෝහල් ගතව සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා, පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර ඇතුළු ඉතිරි කණ්ඩායම වෛද්‍ය උපදෙස් මත වෙනම වාට්ටුවක තැබීමට ද තීරණය කර තිබේ.

 

ඊයේ (09 වැනිදා) වන විට බන්ධනාගාරවලින් ආසාදිතයන් තිදෙනකු හමුවීමත් සමග බන්ධනාගාර ආසාදිතයන් ගණන එකසිය හත දක්වා ඉහළ ගියේය.

 

views

926 Views

Comments

arrow-up