සජිත්ගෙන් කරූට දුරකතන ඇමැතුමක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
27

සජිත්ගෙන් කරූට දුරකතන ඇමැතුමක්

සජිත්ගෙන් කරූට දුරකතන ඇමැතුමක්

සමගි ජනබලවේගය සමග එක්ව ඉදිරි දේශපාලන කටයුතු සදහා දායක වෙන ලෙස එම බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා හිටපු කතානායක කරු ජයසූරිය මහතාට ආරාධනා කර ඇති බවට එම පක්ෂයේ ඉහළ පෙළේ දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.

 

ඊයේ (26) රාත්‍රියේ කරූ ජයසූරිය මහතා වෙත දුරකතන ඇමැතුමක් ලබා දෙමින් ප්‍රේමදාස මහතා මෙම ආරාධනය සිදු කර ඇති බව දැනගන්නට ඇත.

 

කරු ජයසූරිය මහතා එජාප සාමාජිකයෙක් නොවන බවට එම පක්ෂය පවසා ඇති පසුබිමක් යටතේ කරු ජයසූරිය මහතාගේ සේවය සමගි ජනබලවේගය සමග එක්ව ලබා දෙන ලෙස මෙහිදී දැනුම් දී ඇති බව පැවසේ.

 

ඉකුත් මහමැතිවරණයට පෙර එජාපය කරු ජයසූරිය මහතාට නාමයෝජනා ලබා නොදීමෙන් අනතුරුවද සජිත් ප්‍රේමදාස මහතා සමගි ජන බලවේගය සමග එක්වන ලෙස ඒ මහතාට ආරාධනා කර තිබිණ.

 

views

800 Views

Comments

arrow-up