කිතුණු දේවස්ථානවල සැක සහිත ලෙස ගැවසුණු පුද්ගලයා අත්අඩංගුවට
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
06

කිතුණු දේවස්ථානවල සැක සහිත ලෙස ගැවසුණු පුද්ගලයා අත්අඩංගුවට

කිතුණු දේවස්ථානවල සැක සහිත ලෙස ගැවසුණු පුද්ගලයා අත්අඩංගුවට

මන්නාරම, පේසාලෙයි ප්‍රදේශයේ පිහිටි කතෝලික දේවස්ථානයකට පැමිණ සැක කටයුතු ලෙස හැසුරුණු පුද්ගලයා අද (06) දිනයේදී යාපනය, ශාන්ත අන්තෝනි දේවස්ථාන භූමියේ සැක කටයුතු ලෙස හැසිරෙමින් සිටියදී යාපනය පොලීසිය විසින් අත්අඩංගුවට ගත් බව යාපනය පොලිසිය පවසනවා.


පොලීසිය පැවසූවේ මන්නාරම වංකාලෙයි ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 46 ක පුද්ගලයෙකු එලෙස අත්අඩංගුවට ගත් බවයි.


මන්නාරම පේසාලෙයි මාතා දේවස්ථානයට පැමිණි පුද්ගලයෙකු බෑගයක් පිටේ එල්ලා ගෙන සැක කටයුතු ලෙස හැසිරීම හේතුවෙන් උතුරු පළාතේ ආගමික ස්ථාන වෙත විශේෂ ආරක්ෂාවක් ඊයේ සහ අද දින යොදවා තිබුණා.


සැකකරු පේසාලෙයි දේවස්ථානය වෙත පැමිණ සිදුකළ ක්‍රියා සම්බන්ධයෙන් වන සිසිටිවි දර්ශන අනුව සැකකරු සම්බන්ධයෙන් වන තොරතුරු උතුරේ සියළු ආරක්ෂක අංශ වෙත ලබාදි තිබු බව උතුරු පළාත් පොලිස් නිළධාරීන් ප්‍රකාශ කළා.


සැකකරුගේ අසාමාන්‍ය හැසිරීම සම්බන්ධයෙන් නිරීක්ෂණය කළ යාපනය පොලිස් නිලධාරීන් සැකකරු අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පැවසුවේ.

 

views

693 Views

Comments

arrow-up