ඊටීඅයි සහ ද ෆිනෑන්ස් තැන්පත්කරුවන්ගේ ගැටලුවට ජනපති මැදිහත් වෙයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUN
29

ඊටීඅයි සහ ද ෆිනෑන්ස් තැන්පත්කරුවන්ගේ ගැටලුවට ජනපති මැදිහත් වෙයි

ඊටීඅයි සහ ද ෆිනෑන්ස් තැන්පත්කරුවන්ගේ ගැටලුවට ජනපති මැදිහත් වෙයි

අර්බුදකාරී තත්ත්වයකට මුහුණ දී ඇති ඊටීඅයි මූල්‍ය සමාගම සහ ද ෆිනෑන්ස් ආයතනය සම්බන්ධව අදම නීති උපදෙස් ගෙන තැන්පත්කරුවන්ට සාධාරණය ඉටු කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මහ බැංකු නිලධාරීන්ට උපදෙස්  ලබා දී තිබේ.

 

ජනාධිපති කාර්යාලය, මහ බැංකුව, භාණ්ඩාගාරය සහ තැන්පත්කරුවන් නියෝජනය වන කමිටුවක් ස්ථාපනය කොට ඉදිරි ක්‍රියාමාර්ග අධීක්ෂණය කළයුතු යැයි ජනාධිපතිවරයා එහිදී පවසා තිබේ.

 

ඊටීඅයි සහ ද ෆිනෑන්ස් තැන්පත්කරුවන්ට මුදල් ගෙවීම සිදුවන ආකාරය සොයා බැලීමට අද (29) ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දී ජනාධිපතිවරයා ඒ බව සඳහන් කළේය.  

 

මහ බැංකුව එම සමාගම්  සම්බන්ධයෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග දිර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් කෙරුණු බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පැවසීය.

 

මේ වනවිට එම ආයතන දෙකෙහි ලක්ෂ 06ට අඩු වටිනාකමක් සහිත තැන්පතුහිමියන්ට ගෙවීම සිදු කෙරෙන අතර ආයතන දෙක සතු සියලු දේපළ අත්පත්කර ගෙන හෝ සෙසු ගනුදෙනුකරුවන්ට ද සාධාරණය කළයුතු බව ජනාධිපතිවරයා අවධාරණය කළේය.

 

මීළඟ මුදල් මණ්ඩල රැස්වීමේදී ජනතා චෝදනා සහ දුක් ගැනවිලි විමර්ශනය කොට උපරිම විසඳුම් දීමට ක්‍රියාකරන බව මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් මහතා මෙම සාකච්ඡාවේදී සහතික වි ඇත.

 

මහ බැංකුවේ අඩු පාඩු නිවැරදි කොට ජනතාවට ඝෘජුව බලපාන ප්‍රශ්න විසඳීමටත්, ආයතනයේ ගෞරවය සහ වගකීම තහවුරු කිරීමටත් පියවර ගන්නා බව මහ බැංකු අධිපතිවරයා පොරොන්දු වූ බව එම නිවේදනයේ දැක්වේ.

 

ඊටීඅයි සහ ද ෆිනෑන්ස් ආයතන සතු දේපළ හඳුනාගෙන නඩු පැවරීමකින් තොරව පවරාගෙන ජනතාවට හිමි මුදල් ආපසු ගෙවන බව ජනාධිපතිවරයා පැවසීය.

 

මූල්‍ය ආයතනවලට ණය ගෙවීම් පැහැරහරින පුද්ගලයන්ට එරෙහිව දැඩිව ක්‍රියාකරන බව ද ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා එම සාකච්ඡාවේදී පවසා ඇත. 

 

views

784 Views

Comments

arrow-up