දිවා සුරැකුම් මධ්‍යස්ථාන යළි විවෘත කිරීම ජූලි 6වැනිදා

කොරෝනා වයිරසය හේතුවෙන් වසා දමා තිබූ දිවා සුරැකුම් මධ්‍යස්ථාන ජූලි 6 වැනිදා සිට යළි විවෘත කිරීමට හැකි බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඡඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.
ඒ මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ, දිවා සුරැකුම් මධ්‍යස්ථානවල රැකවරණය දෙනු ලබන සියලු දරුවන් ගෙන්වා ගැනීම සඳහා අවසර ලබාදී ඇති බවය.
කොරෝනා වයිසරයෙන් ආරක්ෂා වීම සඳහා අනුගමනය කළ යුතු නියමිත සෞඛ්‍ය මාර්ගෝපදේශ දිවා සුරැකුම් මධ්‍යස්ථානවලදීත් තරයේ පිළිපැදිය යුතු බවද ඔහු සඳහන් කරයි.
මේවනවිටත් දිවා සුරැකුම් මධ්‍යස්ථාන 75%ක ධාරිතාවකින් ක්‍රියාත්මක කිරීමට අනුමැතිය ලබා දී ඇති බවද, ජූලි 6 වැනිදා සිදුකරනු ලබන්නේ, එම ධාරිතාව 100% දක්වා ඉහළ නැංවීමට අනුමැතිය දීම බවද නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
977 Views
Comments