මාතර බෙලිඅත්ත මාර්ගයේ දුම්රිය ගමන් තාවකාලිකව නතර කිරීමට යයි

ඉදිරි සති කිහිපය තුළදී මාතර බෙලිඅත්ත දුම්රිය මාර්ගයේ දුම්රිය ගමන් කිරීම නැවැත්වීමට ප්‍රවාහන අමාත්‍යාංශය පියවර ගනු ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි.
චීන සමාගමක් විසින් මාතර සිට බෙලිඅත්ත දක්වා දුම්රිය මාර්ගය ඉදි කරනු ලැබූ අතර එම මාර්ග නියමිත ප්‍රමිතීන්වලට අනුකූල නැතැයි ආරංචි මාර්ග සඳහන් කරයි.
එම චීන සමාගම දුම්රිය මාර්ග ඉදි කිරීම සම්බන්ධයෙන් කිසිදු පූර්ව අත්දැකීමක් නැති සමාගමක් බවත් මාතර සිට බෙලිඅත්ත දක්වා දුම්රිය මාර්ගය ඉදි කිරීම සම්බන්ධ ව්‍යාපෘතිය පිළිබඳ විමර්ශනයක් කිරීමට කමිටුවක් පත් කිරීමට නියමිත බවත් වාර්තා වේ.
මාතර සිට බෙලිඅත්ත දක්වා දුම්රිය මාර්ගය දිගින් කිලෝමීටර් 26.75 ක් වන අතර එය පසුගිය අප්‍රේල් මාසයේදී මහජනතාවට විවෘත කළ අතර එතැන් සිට මේ දක්වා ගෙවී ගිය කෙටි කාලයේදී දුම්රිය පාලම්වලින් එකක ඉරි තැලීමක් ද දුම්රිය ගොඩනැගිල්ලක සීලිමක් කඩා වැටී ඇති බවත් දැනගන්නට ලැබේ.
පූර්ණ විමර්ශනයක් කර දුම්රිය මාර්ග නියමිත ප්‍රමිතීන්වලට අනුකූලද නැද්ද සොයා බලන තෙක් නව දුම්රිය මාර්ග භාවිත කිරීමෙන් වැළැකී සිටින්නැයි ද ප්‍රවාහන අමාත්‍ය මහින්ද අමරවීර මහතා පසුගිය සතියේදී දුම්රිය බලධාරීන්ට උපදෙස් දී තිබේ. දුම්රිය මාර්ගය ඉදි කිරීමේ අක්‍රමිකතා සම්බන්ධයෙන් මගීන්ගෙන් පැමිණිලි ලැබී ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි.
දුම්රිය ඉදි කිරීමට මූල්‍ය ප්‍රතිපාදන ලබා දී ඇත්තේ චීනයේ එක්සිම් (එක්ස්පෝට්-ඉම්පෝට්) බැංකුව වන අතර කොන්ත්‍රාත්තුව බාර දී ඇත්තේ චීනයේ ‘චයිනා නැෂනල් මැෂිනරි ඉම්පෝට් ඇන්ඞ් එක්ස්පෝට් කෝපරේෂන්’ සමාගමටයි.
658 Views
Comments