රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ ධුරයේ වෙනසක්

රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ ලෙන ශ්‍රී ලංකා යුද හමුදාවේ බ්‍රිගේඩියර් සුරේෂ් සලේ මහතා පත්කිරීමට තීරණය කර ඇතැයි වාර්තා වනවා.
රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානියා ලෙස කටයුතු කළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා පොලිස් මූලස්ථානයට අනියුක්ත කර තිබෙනවා.
අප්‍රේල් 21 දා එල්ල වූ පාස්කු ප්‍රහාරය පිළිබඳව අදාළ බුද්ධි තොරතුරු කල් ඇතිව ලබාදී තිබුණේද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා විසින්.
රාජ්‍ය බුද්ධි සේවයේ නව අධ්‍යක්ෂවරයා ලෙස පත්වීමට නියමිත බ්‍රිගේඩියර් සුරේෂ් සලේ මහතා යුද්ධය පැවැති සමයේ ශ්‍රී ලංකා යුද හමුදා බුද්ධි අංශයේ ප්‍රධානියා ලෙස කටයුතු කල අතර බුද්ධි මෙහෙයුම් රැසක් මෙහෙයවන ලස බුද්ධි නිලධාරියෙක් ලෙස ප්‍රකට අයෙකි.
රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ ධුරය සඳහා යුද හමුදා නිලධාරියෙක් පත්වන්නේ පළමු වතාවටයි.
අදපුවත්පතින්
829 Views
Comments