සුළු අපනයන බෝග ආනයනය තහනම්
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
06

සුළු අපනයන බෝග ආනයනය තහනම්

සුළු අපනයන බෝග ආනයනය තහනම්

සුළු අපනයන බෝග වගාකරුවන් සහ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත කරුවන් ආරක්ෂා කිරීමේ සහ දිරි දීමේ අරමුණින් අයිතම කිහිපයක  ආනයන නියාමණය කිරීමට නව නියමයන් පනවා තිබෙනවා.

 

 

ඒ අනුව ගම්මිරිස්, කරුංකා, සියඹලා ,කුරුඳු ,සාදික්කා, වසාවාසී, කරදමුරුගු, ඉගුරු, කහ සහා කාරඹුනැටිද ආනයනය තහනම් වන බවයි මුදල්, ආර්ථික හා ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යංශය පැවසුවේ. 

 

 


ගම්මිරිස් ඇතුළු කුළු බඩු වෙනත් රටවලින් ආනයනය කර සෘජුව හො සුළු පිරිසැකසුම්වලින් පසු ප්‍රති අපනයනය කිරීම ඉකුත් සමයේ ප්‍රබල සංවාදයක් ඇති කළා. මෙම ප්‍රති අපනයන හේතුවෙන් ශ්‍රී ලංකාවේ කුළු බඩුවල ඉහල ප්‍රමතිය පිළිබඳ ජාත්‍යන්තර වෙළද පොලේ ඇති විශ්වාසය බිද වැටෙන බවයි එහිදී ප්‍රකාශ කෙරුණේ.

 

 

ඒ අනුව ශ්‍රී ලංකාවේ කුළු බඩු සඳහා ජාත්‍යන්තර වෙළද පොලේදී ලැබෙන මිලද පහළ වැටුනා. මෙලෙස මිල කඩා වැටීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ වගාකරුවන් හා අපනයනකරුවන් ද පීඩාවට පත්වන බවයි දිගින් දිගටම ප්‍රකාශ වුණේ. 

 

 


කෙසේවෙතත් නව නියමයන්ට අනුව ගම්මිරිස් ඇතුළු කුළු බඩු මෙලෙස සෘජුව හෝ සුළු පිරිසැකසුම්වලින් පසු ප්‍රති අපනයනය කිරීම මින් පසු තහනම් වනු ඇති. 

 

 


දේශීය තරගකාරී ගෘහ කර්මාන්තවන වෙසක් කූඩු සරුංගල් සහ හදුන් කූරු ආනයනද නව නියමයන් යටත් නියාමනය වන බවයි මුදල්, ආර්ථික හා ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යංශය පැවසුවේ.

 

 


අපද්‍රව්‍ය සහ අපද්‍රව්‍ය සැකසීම හෝ ප්‍රතිචක්‍රිකරණය සඳහා වූ ව්‍යාපාර සඳහා අවසර ලබා නොදීමටද මෙම නව නියමයන් යටතේ විධිවිධාන සලසා තිබෙනවා.  

 

views

1508 Views

Comments

arrow-up