ගණකාධිකාරීවරයෙකුට වසර 367ක සිර දඬුවමක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
06

ගණකාධිකාරීවරයෙකුට වසර 367ක සිර දඬුවමක්

ගණකාධිකාරීවරයෙකුට වසර 367ක සිර දඬුවමක්

කොළඹ මහාධිකරණ විනිසුරු ශෂී මහේන්ද්‍රන් මහතා විසින් ලියනගේ නන්දසිරි නමැති පුද්ගලයෙකුට ව්‍යාජ ලේඛන ඉදිරිපත් කරමින් පෞද්ගලික සමාගමට අයත් රුපියල් විසි එක් ලක්ෂයකට අධික මුදලක් වංචා කිරීමේ චෝදනාවට වරදකරු කරමින් කොළඹ මහාධිකරණය විසින් බරපතළ වැඩ සහිතව වසර 367 සිර දඬුවම් නියම කරනු ලැබීය.ඊට අමතරව විත්තිකරුට රුපියල් ලක්ෂ 21 ක දඩයක් ද නියම කරනු ලැබීය.

 

 

සිරදඬුවම් නියම වී සිටින හික්කඩුව ලියනගේ නන්දසිරි නමැති විත්තිකරු එම ආයතනයේ සේවය කළ ගණකාධිකාරීවරයෙකි. මේ වන විට අධිකරණය මඟහැර පළාගොස් සිටින අතර ඔහු අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස දන්වා විවෘත වරෙන්තු නිකුත් කිරීමටද මහාධිකරණ විනිසුරුවරයා නියම කළා.

 

 


දෙදහ වසරේ ජනවාරි මස 4 වනදා සහ 2001 වසරේ ජනවාරි මස 3 වනදා අතර කාලසීමාවේ පුද්ගලික සමාගමේ ගණකාධිකාරිවරයෙකු ලෙස සේවය කළ විත්තිකරු ව්‍යාජ ලේඛන ඉදිරිපත් කරමින් එම ආයතනයට අයත් රුපියල් 2199130/- ක මුදලක් වංචා කළ බවට චෝදනා කරමින් නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා 19 ක් යටතේ නඩු පවරා තිබුණි.

 

 


නඩු විභාගය අතරතුරදී විත්තිකරු අධිකරණය මඟ හැර පලා ගිය අතර දීර්ඝ නඩු විභාගයකින් පසුව තීන්දුව ප්‍රකාශයට පත් කරමින් මහාධිකරණ විනිසුරුවරයා සඳහන් කළේ විත්තිකරුට එරෙහිව එල්ල කර තිබෙන චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී තිබෙන බවයි.

 

 

 

views

684 Views

Comments

arrow-up