OCT
02
"වර්ජනය කළ සේවකයන් සේවය අතහැර ගියා සේ සළකනවා" – දුම්රිය දෙපාර්තමේන්තුව

වර්ජනයේ යෙදෙන දුම්රිය රියදුරු, නියාමකවරු, පාලකවරු සහ ස්ථානාධිපතිවරුන් සේවය අතහැර ගියා සේ සැලකීමට දුම්රිය දෙපාර්තමේන්තුව අද (02) තීරණය කර තිබෙනවා.
ඒ අනුව නොදන්වා සේවයට නොපැමිණෙන සියලු සේවකයින්ට මෙලෙස සේවය අතහැර ගියා සේ සළකා ලිපි නිකුත් කරන බවයි දෙපාර්ත්මේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් සඳහන් කර සිටියේ.
දුම්රිය වර්ජනයට අදට දින 07කි.
660 Views
Comments