STF සාමාජිකයින් 23කට කොරෝනා
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
03

STF සාමාජිකයින් 23කට කොරෝනා

STF සාමාජිකයින් 23කට කොරෝනා

පොලිස් විශේෂ කාර්ය බළකායේ සාමාජිකයින් 23 දෙනෙකුට ඊයේ (2) දිනයේ දී වයිරසය ආසාදනයවී බව කොවිඩ් - 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

 

මීගමුව පොලිසියේ එක් නිළධාරියෙක්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ එක් නිළධාරියෙක්, බොරැල්ල පොලිසියේ 8 දෙනෙකු, කෙසෙල්වත්ත පොලිසියේ දෙදෙනකු, පිටකොටුව පොලිසියේ එක් නිළධාරියකු, කොළඹ අපරාධ කොට්ඨාසයේ අයකු සහ පොලිස් ප්‍රභූ ආරක්ෂක බළකායේ නිළධාරීන් දෙනෙකු හඳුනාගෙන තිබේ.

 

මේ වනවිට පොලිස් නිළධාරින් 150 ට ආසන්න සංඛ්‍යාවකට කොරෝනා වයිරසය ආසාදනයවී ඇතැයි, කොවිඩ් -19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.

 

 

views

730 Views

Comments

arrow-up