ආබාධිත රණවිරුවන් වෙනුවෙන් නාගදීපයේ සිට කතරගම දක්වා පාද යාත්‍රාවක්

නාගදීපයේ සිට කතරගම දක්වා පාද යාත්‍රාවේ ගමන් කරනු ලබන රණක්‍ෂිත යුද්ධ සහ නාවික හමුදා රණවිරුවන් ඓතිහාසික නාගදීප පුරාණ රජ මහා විහාර පරිශ්‍රයෙන් ඊයේ ( 22) සිය පාද යාත්‍රාව ආරම්භ කරන ලද අතර, ඒ සඳහා නාවික හමුදාව සිය දායකත්වය සැපයුවා.
ඒ අනුව, මෙම පාද යාත්‍රාව සඳහා සහභාගී වන නාවික හමුදාවේ ප්‍රධාන සුළු නිලධාරි, එම්බීඩබ් කුමාර සහ යුධ හමුදා සෙබල පියතිස්ස යන රණවිරුවන් දෙදෙනා ඓතිහාසික නාගදීප පුරාණ රජ මහා විහාරය වැඳ පුදා ගැනීමට කටයුතු කළ අතර, එහිදී නාගදීප විහාරාධිපති, උතුරු පළාතේ ප්‍රධාන සංඝනායක ප්‍රවීනාචාර්ය අතිපුජ්‍ය නවදගල පදුමකිත්ති තිස්ස හිමියන් ඇතුළු ගරුතර මහා සංඝරත්නය විසින් සෙත් පිරිත් සජ්ඣායනා කොට ආශිර්වාද පුද කෙරිණා.
තවද, නාගදීප පුරාණ රජ මහා විහාර පරිශ්‍රයේ සිට මුහුදු මඟින් ගමන් කිරීම සඳහා අවශ්‍ය ප්‍රවාහන පහසුකම් ලබා දීමට කටයුතු කරන ලද අතර, එහිදී නයනතිව් ජැටියේ සිට කුරිකට්ටුවාන් ජැටිය දක්වා නාවික හමුදා යාත්‍රාවක් මඟින් රණවිරුවන් දෙදෙනා ආරක්‍ෂිතව රැගෙන ඒමට කටයුතු කරන ලදී. එමෙන්ම මෙම රණවිරුවන් හට පුංකුඩිතිව්, කුරිකට්ටුවාන් ජැටියේ සිට යාපනය දක්වා ආරක්‍ෂාව සහ ආහාර පාන උතුරු නාවික විධානය විසින් සැපයිමට කටයුතු කරනු ලබයි.
මෙම පාද යාත්‍රාවේ ප්‍රධාන අරමුණ වී ඇතතේ මානුෂිය මෙහෙයුමේදී ආබාධිත තත්වයට පත් රණවිරුවන්ගේ ආත්ම අභිමානය සහ ආත්ම විශ්වාසය ඉහළ නැංවීම වන අතර, මෙම පාද යාත්‍රාව කිලෝමිටර් 1000 ක පමණ දුරක් ගෙවා කතරගම පුද බිමෙන් අවසන් වීමට නියමිතයි. ඒ අනුව, මෙහි සමාරම්භක උත්සවය සඳහා උතුරු නාවික විධානයට අනුයුක්ත ජ්‍යේෂ්ඨ සහ කණිෂ්ඨ නාවික නිලධාරින්, නාවිකයින් මෙන්ම යුද්ධ හමුදා ජ්‍යේෂ්ඨ නිලධාරින් සහ සෙසු නිලයන් පිරිසක් සහභාගිවී සිටියා.
696 Views
Comments