“ඔබ සුදු හුණු ගාන්නේ කරුණා අම්මාන්ටද?” – බාකිර් මාකර් මාධ්‍යවේදියකුගෙන් අසයි

සමගි ජන බලවේගයේ (SJB ) හි ජ්‍යෙෂ්ඨ සාමාජිකයකු වන ඉම්තියාස් බාකිර් මාකර් මහතා අද පැවති මාධ්‍ය හමුවකදී වාර්තාකරුවෙකු සමඟ වාදයකට පැටලී ඇති බව වාර්තා වනවා.
හිටපු එල්ටීටීඊ නායකයකු වන විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් විසින් යුද්ධයේදී හමුදා සෙබළුන් ඝාතනය කිරීම සම්බන්ධයෙන් මෑතකදී කරන ලද ප්‍රකාශය පිළිබඳව මාකර්ගේ අදහස් පළකරමින් සිටියදී එක්තරා මාධ්‍ය ආයතනයක වාර්තාකරුකු නැවත නැවතත් ප්‍රශ්න කරන විට හිටපු අමාත්‍ය වරයකු වූ බාකිර් මාකර් මහතා වාර්තාකරුවෙකු සමඟ උණුසුම් සංවාදයක ප්ටලි තිබේ
කරුණා අම්මාන් තව දුරටත් විසදුම ලෙස දකින්නේ ඝාතනය කිරීම බව පවසන බාකිර් මාකර් මහතා වාර්තාකරු දිගින් දිගටම ඔහු සම්බන්ධයෙන් ප්‍රශ්න කරන විට “ඔබ සුදු හුණු ගාන්නේ කරුණා අම්මාන්ටද?” යැයි විමසයි.
එහිදී ඇති වූ සංවාදය පහතින්
ඔබතුමා සුදු හුණු ගාන්න හදන්න කරුණාඅම්මාන්ටද?
Posted by Newshub.lk on Saturday, July 4, 2020
712 Views
Comments