දුම්රිය ටිකට් නිකුත් කිරීමත් චීනයටම පැවරීමේ සූදානමක්. වෘත්තීය සමිති දැඩි විරෝධය දක්වයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUN
28

දුම්රිය ටිකට් නිකුත් කිරීමත් චීනයටම පැවරීමේ සූදානමක්. වෘත්තීය සමිති දැඩි විරෝධය දක්වයි

දුම්රිය ටිකට් නිකුත් කිරීමත් චීනයටම පැවරීමේ සූදානමක්. වෘත්තීය සමිති දැඩි විරෝධය දක්වයි

දුම්රිය ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමේ ව්‍යාපෘතියක් ද චීන සමාගමකට පැවරීම සඳහා රජය සූදානම්ව සිටින බවත් ඊට අදාළ කැබිනට් පත්‍රිකාවක් පවා ඉදිරිපත් කර ඇති බවත් දුම්රිය වෘත්තීය සමිති අනාවරණය කරයි. 

 

"දුම්රියේ ටිකටිං ක්‍රමයක් ගේන්න මේ වෙනකොට අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරලා තියෙනවා අදාළ ටෙන්ඩර් පත් සකස් කරලා. මේකත් මේ චීන රජයට දෙන්න කටයුතු කරමින් යනවා. 

 

මේවා වහාම නැවැත්විය යුතුයි. මොකද මේ රටේ කරන්න පුළුවන් මේවා. අපට ටිකට් නිකුත් කිරීමේ ක්‍රමයක් හදන්න අපේ රටේ ඉංජිනේරුවෝ නැද්ද ? අපේ රටේ දක්ෂ මිනිස්සු නැද්ද ? 

 

අපි පහුගිය කාලෙ දැක්කා නව නිශ්පාදන බොහොමයක් කොරෝනා ව්‍යසනයත් එක්ක මතුවෙනවා. ඉතිං මෙවැනි තත්වයක් තුළ ඇයි අපට බැරි මේක නිර්මාණය කරගන්න ? ඕනෙ තරම් දැනුම තියෙනවා. දුම්රිය සම්බන්ධ දැනුම අපට දෙන්න පුළුවන්. ඉදිරිපත් වෙනවා නම් කවුරුහරි තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ ඉංජිනේරුවරයෙක් අනිවාර්යයෙන්ම එකතුවෙලා අපට මේක අපේ රටේ දෙයක් විදියට කරන්න පුළුවන්. 

 

එහෙම නොකර ඇයි මේ රටේ සල්ලි ඩොලර් මිලියන ගණන් ණය වශයෙන් අරන් ණය උගුලක හිරවෙන්න හදන්නේ ඇයි කියන එක මම ප්‍රශ්න කරනවා" යනුවෙනුයි දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමයේ ලේකම් ඉන්දික දොඩම්ගොඩ මහතා සඳහන් කළේ. 

 

 

 

views

869 Views

Comments

arrow-up