සෞඛ්‍ය උපදෙස් අනුව ජනතාව කටයුතු කළ යුතුයි -අනිල් ජාසිංහ

කොවිඩ් නයින්ටීන් වසංගතය අඩුවන තෙක් වෛරසය පාලනය සඳහා ලබාදී ඇති සෞඛ්‍ය උපදෙස් අනුව ජනතාව කටයුතු කළ යුතු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.
කොවිඩ් - 19 වෛරසය ආසාදිතයින් 19 දෙනෙකු (27) මෙරටින් හඳුනාගත් අතර ඔවුන් සියලුදෙනා බංග්ලාදේශයේ සිට මෙරටට පැමිණි පුද්ගලයින් වේ.
කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් මෙරටට පැමිණිමට නොහැකිව බංග්ලාදේශයේ රැදී සිටි තවත් ශ්‍රී ලාංකිකයින් 244 දෙනෙකු ඊයේ දිවයිනට පැමිණියේය.
ඔවුන් සියුලු දෙනා කටුනායක ගුවන්තොටුපල පරිශ්‍රයේදී පී.සී.ආර් පරික්ෂණයට ලක් කර ඇත.
එම පරික්ෂණ වර්තා අද නිකුත් කෙරුණු අතර එහිදී එම පිරිස අතුරින් කොවිඩ් 19 ආසාදිතයින් 19 දෙනෙකු හඳුනාගෙන තිබේ.
ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් 19 ආසාදිතයින් ගණන 2033 දක්වා ඉහළ ගියේය.
මෙරට සමස්ත ආසාදිතයන් අතුරින් විදේස් රටවලින් පැමිණ නිරෝධායන මධ්‍යස්ථානවල රඳවා සිටියදී හඳුනාගත් ආසාදිතයින් ගණන ඒ අනුව 773 දක්වා ඉහළ ගොස් තිබේ.
සමස්ත කොවිඩ් 19 ආසාදිතයින් අතරින් 947 දෙනෙකු නාවික හමුදා සාමාජිකයින් හා ඔවුන්ගේ ආශ්‍රිතයින්ය.
දේශීයව හඳුනාගත් ඇති ආසාදිතයින් ගණන 313 කි.
මෙරටින් හඳුනාගත් සමස්ත කොවිඩ් ආසාදිතයින් 2033 දෙනා අතුරින් 1639 දෙනෙකු මේ වනවිට පූර්ණ සුවය ලබා පිටව ගොස් තිබේ.
මේ අතර ආසාදිතයින් 383 දෙනකු තවදුරටත් ප්‍රතිකාර ලබමින් පසුවේ.
750 Views
Comments