UPDATE : අගමැති ජනපති කොමිසමෙන් පිටවෙයි - පස්වරුවේ යළි පැමිණෙන්නැයි දැනුම්දෙයි

අග‍්‍රාමාත්‍ය රනිල් වික්රමසිංහ මහතා 2015 - 2018 වසරවල රාජ්‍ය ආයතනවල සිදුවූ වංචා දූෂණ පිළිබඳ සොයා බලන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබා දීම සඳහා අද පෙරවරු 09.30ට පැමිණ පෙරවරු 11.30ට පිටව ගොස් තිබෙනවා.
ඒ පැය එක හමාරක පමණ කාලයක් ප්‍රකාශයක් ලබා දීමෙන් පසුවයි.
නැවත පස්වරු 1.30 වන විට අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහට කොමිෂන් සභාව හමුවේ පෙනීසිටීම සදහා දැනුම් දී තිබෙන බවයි වාර්තා වන්නේ.
අගමැති රනිල් අද වංචා දූෂණ සොයන ජනපති කොමිසම හමුවට
වත්මන් ආණ්ඩුවේ වංචා දූෂණ පිළිබඳ සොයා බලන ජනාධිපති කොමිසම හමුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්රමසිංහ මහතා අද (16) දින පෙනී සිටීමට නියමිතයි.
කෘෂිකර්ම අමාත්‍යාංශය පවත්වාගෙන ගිය රාජගිරියේ ගොඩනැගිල්ල බදු පදනම මත ලබාගැනීම සම්බන්ධයෙන් සාක්ෂි විමසීම සඳහා අග්‍රාමාත්‍යවරයා කොමිසම හමුවට කැඳවා තිබෙනවා.
ඒ අනුව, ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව තීරණය කළේ, අද දින අග්‍රාමාත්‍යවරයා කොමිසම හමුවට කැඳවීමේ සිතාසි යළි නිකුත් කිරීමට යි.
අග්‍රාමාත්‍ය රනිල් වික්රමසිංහ මහතා මීට පෙර පසුගිය 12 වනදා කොමිසම හමුවේ පෙනී සිටීමට නියමිතව තිබුණ ද මන්නාරම ප්‍රදේශයේ වැඩසටහන් කිහිපයක් ඇති බව දන්වමින් එදින කොමිසම හමුවේ පෙනී සිටියේ නැහැ.
අග්‍රාමාත්‍ය රනිල් වික්රමසිංහ මහතා අද උදෑසන 9.30ට ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ පෙනී සිටීමට නියමිතව ඇතැයි ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව ප්‍රකාශ කළා.
650 Views
Comments