පහළ වායුගෝලයේ කැළඹීමක් - සතිය පුරාම වැසි
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
16

පහළ වායුගෝලයේ කැළඹීමක් - සතිය පුරාම වැසි

පහළ වායුගෝලයේ කැළඹීමක් - සතිය පුරාම වැසි

පහළ වායුගෝලයේ ඇති වී තිබෙන කැළඹිලිකාරී තත්ත්වය නිසා මෙම සතිය පුරා වැසි හා ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

 

බස්නාහිර, සබරගමුව, දකුණු,මධ්‍යම, උතුරු සහ වයඹ පළාත්වල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. මෙම ප්‍රදේශ වල ඇතැම් ස්ථාන වලට මි.මී. 150 ට වැඩි ඉතා තද වර්ෂාපතනයන්ද අපේක්ෂා කල හැකියි.

 

දිවයිනේ සෙසු පළාත්වල සවස 2.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර ඇතැම් ස්ථාන වලට මි.මී. 100 ක පමණ තද වර්ෂාපතනයන්ද අපේක්ෂා කරනවා.

 

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.

 

දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. දිවයිනට දකුණු ,බස්නාහිර සහගිනිකොණ දෙසින් වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශ වල ඇතැම් ස්ථාන වලට තද වැසි ද ඇති වෙයි. දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං නිරිතදිශාවෙන් හමා එන අතර සුළගේ වේගය පැ.කි.මී. (30-40) පමණ වනවා.

 

හම්බන්තොට සිට පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශයේ සහ පුත්තලම සිට මන්නාරම හරහාකන්කසන්තුරය දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (50-55) දක්වා ඉහළ යාමට හැකියාවක් පවතින අතර එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකියි. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශවල (පැ.කි.මී. 70-80 දක්වා) තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැකියි. 

 

ධීවර සහ නාවුක ප්‍රජාවට මේ පිලිබදව ඉතා අවධානයෙන් කටයුතු කරන ලෙසත් ඉල්ලා සිටිනවා.

 

ප්‍රධාන  නගර සදහා කාලගුණ අනාවැකිය                                                       දිනය :    2019-09-16
නගරය උෂ්ණත්වය(සෙ. අංශක) සාපේක්ෂ ආර්ද්‍රතාවය(%) කාලගුණය
උපරිම අවම උපරිම අවම
අනුරාධපුරය 34 25 90 60 සවස 2.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ
මඩකලපුව 31 25 95 75 සවස 2.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ
කොළඹ 30 24 95 75 වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ
ගාල්ල 28 25 95 80 වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ
යාපනය 31 26 90 80 සවස 2.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ
මහනුවර 31 21 95 60 සවස 2.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ
නුවරඑළිය 20 14 95 70 සවස 2.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ
රත්නපුරය 31 23 95 70 වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ
ත්‍රිකුණාමලය 34 24 95 60 සවස 2.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ
මන්නාරම 30 25 90 80 සවස 2.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ

 

views

601 Views

Comments

arrow-up