කටුගස්තොටදී තරුණියක් දියේ ගිලෙන හැටි වීඩියෝ කළ රියැදුරන් 15කට දඩ
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
14

කටුගස්තොටදී තරුණියක් දියේ ගිලෙන හැටි වීඩියෝ කළ රියැදුරන් 15කට දඩ

කටුගස්තොටදී තරුණියක් දියේ ගිලෙන හැටි වීඩියෝ කළ රියැදුරන් 15කට දඩ

කටුගස්තොට පාලමෙන් ගඟට පැන්න තරුණියක දියේ ගිලෙමින් සිටියදී පාලම මත මාර්ගය අවහිර වනසේ වාහන නවත්වා තරුණිය දියේ ගිලෙන දර්ශන ජංගම දුරකථන මගින් වීඩියෝ ගත කළ බව කියන රියැදුරන් 15 දෙනකුට තරයේ අවවාද කරමින් රුපියල් 2000.00 බැගින් දඩ පත‍්‍රිකා නිකුත් කිරීමට. කටුගස්තොට පොලිසිය පියවර ගෙන ඇත.

 

පසුගිය 11 දින පෙරවරුවේ මෙම තරුණිය පේ‍්‍රම සම්බන්ධතාවක් හේතුවෙන් ඇතිවූ සිත්තැවුලක් නිසා ගඟට පැන ඇති අතර ඇය එහිදී මරණයට පත්ව ඇත. එම අවස්ථාවේ 300 ක පමණ පිරිසක් පාලම මතට රැස්ව තරුණිය දියේ ගිලෙන ආකාරය ජංගම දුරකතන මගින් වීඩියෝ ගත කරමින් සිට ඇත.

 

පාලම මතින් ගමන් ගනිමින් තිබූ වාහනවල රියැදුරන්ද වාහන පාලම මතම නවත්වා සිද්ධිය විඩියෝ ගත කිරීමට උත්සහ කිරීම නිසා මාර්ගයේ දැඩි වාහන තදබදයක් ඇතිවූ බව පොලිසිය පවසයි.

 

මාර්ගය අවහිර වනසේ රථවාහන නවතා තැබීම යටතේ අදාළ රියැදුරන්ට දඩ පත‍්‍රිකා නිකුක් කර තිබේ.

 

පුරවැසි වගකීම් අමතක කර සෙසු ජනතාවටද අපහසුතාවට පත්වන සේ යළිත් කටයුතු නොකරන ලෙස අදාළ පිරිසට අවවාද කිරීමට කටුගස්තොට පොලිසියේ ස්ථානාධිපති ඩබ්ලිව්. එම්. එස්. උවින්දසිරි මහතා පියවරගෙන ඇත.

 

කටුගස්තොට පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක බණ්ඩාර මහතා ඇතුළු රථවාහන නිලධාරීන් මාර්ගය අවහිර කරමින් වාහන නවතා ගෙන සිටි රියැදුරන්ට දඩ පත‍්‍රිකා නිකුත් කිරීමට පියවර ගෙන තිබේ.

 

views

1117 Views

Comments

arrow-up