පෙබරවාරි 20 වෙනිදා මධ්‍යම රාත්‍රියේදී විශේෂ මුද්දරයක් නිකුත් කෙරේ

ඉතිහාසයේ ප්‍රථම වතාවට 2020 වර්ෂයේ පෙබරවාරි මස 20 වෙනිදා තත්පර 20 ට සහශ්‍රය සැමරීම වෙනුවෙන් විශේෂිත මුද්දරයක් නිකුත් කිරීමට තැපැල් දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.
එම මුද්දරය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන සහ රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන විසින් අගමැති මහින්ද රාජපක්ෂ මහතාට එම සමරු මුද්දරය තැපැල් මුලස්ථානයේදී පිරිනැමීමට නියමිත බවයි නියෝජ්‍ය තැපැල්පති - මෙහෙයුම් රාජිත රණසිංහ සඳහන් කර සිටියා.
එමෙන්ම මෙරට ගීත ඉතිහාසය වෙනුවෙන් අනුපමය සේවයක් සිදුකළ අල්හාජ් මොහිදීන් බෙග් වෙනුවෙන් විශේෂ සමරු මුද්දරයක් නිකුත් කිරීමට කටයුතු යොදා ඇති බව නියෝජ්‍ය තැපැල්පති - මෙහෙයුම් රාජිත රණසිංහ ප්‍රකාශ කර සිටියේ.
සහශ්‍රය වෙනුවෙන් තැපැල් දෙපාර්තමේන්තුවේ මුද්දර කාර්යාංශය මගින් නේපාල රජය සමග විශේෂ කටයුත්තක් සිදුකරනු ලබනවා. ඒ අනුව සැමරුම් මුද්දරයක් නිකුත් කිරීමට නියමිතයි.
රුපියල් 35 ක වටිනාකමෙන් යුත් නේපාලය සහ ශ්‍රී ලංකාවේ රූපයන් ඇතුලත් මෙම මුද්දර දිවයිනේ සියලුම තැපැල් කාර්යාල ඔස්සේ ලබාගත හැකි බවයි ඔහු සඳහන් කර සිටියේ.
එමෙන්ම පෙබරවාරි මස 20 වෙනිදා සිට 23 වෙනිදා දක්වා කොළඹ ඩි.ආර්. විජේවර්ධන මාවතේ පිහිටි මුද්දර කාර්යාංශයේ විශේෂ මුද්දර දැක්මක් පැවැත්වීමට කටයුතු යොදා ඇති බවයි නියෝජ්‍ය තැපැල්පති - මෙහෙයුම් රාජිත රණසිංහ සඳහන් කර සිටියේ.
604 Views
Comments