අමෙරිකානු තානාපතිනිය විදේශ අමාත්‍යාංශයට කැඳවයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
FEB
16

අමෙරිකානු තානාපතිනිය විදේශ අමාත්‍යාංශයට කැඳවයි

අමෙරිකානු තානාපතිනිය විදේශ අමාත්‍යාංශයට කැඳවයි

මෙරට ඇමරිකා  තානාපතිනී ඇලයිනා බී ටෙප්ලිට්ස් මහත්මිය අද (16) විදේශ කටයුතු අමාත්‍යාංශයට කැඳවා තිබෙනවා.

 

ඒ යුධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතාට සහ ඔහුගේ පවුලේ සාමාජිකයන්ට පනවා ඇති සංචාරක තහනමට හේතුවී ඇති කරුණු පිළිබද සාකච්ඡා කිරිමට. මෙම තීරණය ශ්‍රී‍්‍ර ලංකා රජය සම්පූර්ණයෙන්ම ප‍්‍රතික්ෂේප කරන බවයි විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප‍්‍රකාශ කළේ.

 

ශ්‍රී‍්‍ර ලංකා යුධ හමුදාපතිවරයා සහ ඔහුගේ පවුලේ සාමාජිකයන්ට තම රටට ඇතුළුවීම තහනම් කර ඇති බවයි නිවේදනයක් නිකුත් කරමින් ඇමරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව ඊයේ සදහන් කළේ. ශ්‍රී‍්‍ර ලංකා රජය එම තීරණය දැඩිව ප‍්‍රතික්ෂේප කරන බව නිවේදනයක් නිකු් කරමින් විදේශ සබඳතා අමාත්‍යාංශය ප‍්‍රකාශ කළා. ස්වාධීනව තහවුරු නොකළ මූලාශ‍්‍ර මත පදනම්ව ඇමරිකාව මෙවැනි සංචාරක සීමා පැනවීම පිළිබද ශ්‍රී‍්‍ර ලංකා රජය දැඩිව විරෝධය පළකරන බවද විදේශ සබඳතා අමාත්‍යාංශය පවසනවා.

 

ජ්‍යෙෂ්ඨත්වය සැලකිල්ලට ගනිමින් එවකට රාජ්‍ය නායකයා විසින් ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා යුධ හමුදාපති ලෙස පත්කර ඇති බවත් ඔහුට එරෙහිව මානව හිමිකම් උල්ලංඝනය කිරිම පිළිබද කිසදු සනාථ කළ හෝ ඔප්පු කළ චෝදනාවක් නොමැති බවත් ශ්‍රී‍්‍ර ලංකා රජය අවධාරණය කරනවා.

 

වත්මන් රාජ්‍ය නායක ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ශවේන්ද්‍ර සිල්වා මහතාව වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානි ලෙස උසස් කරනු ලැබුවේ දීර්ඝකාලයක සිට සේවය කරන ජ්‍යෙෂ්ටතම හමුදා නිලධාරියා ඔහු වීම හේතුවෙන් බවයි විදේශ සබඳතා අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ.

 

මේ අතර මෙම තහනම සම්බන්ධයෙන් දැඩි විරෝධය පළකරන බවයි මහා සංඝරත්නය ද සදහන් කළේ.

views

1041 Views

Comments

arrow-up