හැටන් එරෝල් රක්ෂිතයේ ගින්නකින් අක්කර 30ක් අළු වෙයි

හැටන් එරෝල් රක්ෂිතයේ ඇතිවූ ගින්නකින් අක්කර 30කට අධික භූමි ප්‍රදේශයක් විනාශයට පත්ව තිබෙනවා.
ප්‍රදේශයේ පවතින අධික වියළි කාලගුණය හා සුළං තත්ත්වය හේතුවෙන් ගින්න ඉතා සීඝ්‍රයෙන් පැතිර ගොස් තිබෙනවා.
මේ හේතුවෙන් එය මැඩ පැවැත්වීමට අසීරුවුණා. සතුන් සහ වටිනා ශාක වර්ග රැසක් ගින්නෙන් විනාශයට පත්ව ඇති බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ.
සතුන් දඩයම් කිරීම සඳහා එම රක්ෂිත ප්‍රදේශය ගිනි තබන්නට ඇති බවටයි පොලිසිය සැක පළකරන්නේ.
මේ අතර උඩරට දුම්රිය මාර්ගයේ හැටන් සහ කොටගල දුම්රිය ස්ථාන දෙක අතර පිහිටා තිබෙන සිංගිමලේ දුම්රිය උමං මාර්ගය අසල රක්ෂිතය ගිනි ගැනිමෙන් අක්කර 10ක පමණ භූමි කොටසක් විනාශයට පත් වුණා.
මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශයේ මේ දිනවල පවතින වියළි කාලගුණයත් සමඟ ගින්න සිඝ්‍රයෙන් පැතිර ගොස් තිබෙනවා.
උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවන කටයුතුවලට මේ හේතුවෙන් බාධා එල්ල වුයේ නැහැ. කිසියම් පිරිසක් එම රක්ෂිතයට ගිනි තබන්නට ඇති බවයි ප්‍රදේශවාසින් පවසන්නේ.
611 Views
Comments