හීරෝස් සුනඛයා පළතුරු මාලාව අල්ලයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
FEB
09

හීරෝස් සුනඛයා පළතුරු මාලාව අල්ලයි

හීරෝස් සුනඛයා පළතුරු මාලාව අල්ලයි

අනුරාධපුර ප්‍රදේශයේ පළතුරු වෙළෙඳසැලක් පවත්වාගෙන යන මුවාවෙන් මත්කුඩු විකිණීමේ ජාවාරමක නිරතවූ 53 හැවිරිදි කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අනුරාධපුර කොට්ඨාසයේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් සිදුකළ වැටලීමකදීයි පළතුරු මාලා යන අන්වර්ත නාමයෙන් හඳුන්වන එම කාන්තාව අත්අඩංගුවට ගෙන ඇත්තේ.

 අදාළ විමර්ශන කටයුතු  සඳහා පොලිස් නිල සුනඛ අංශයේ හීරෝස් සුනඛයාගේ සහාය ද ලබා ගැනුණා.

සැකකාරිය අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කිරීමට නියමිතයි.

views

2276 Views

Comments

arrow-up