ශ්‍රී ලංකාවට නැවතත් පාකිස්තානයේ මිලිටරි සහාය

පාකිස්තාන ගුවන් හමුදාවේ ගුවන් මාණ්ඩලික ප්‍රධානී ගුවන් හමුදා මාෂල් මුජාහිඩ් අන්වර් ඛාන් රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා හමුවුණා.
කොළඹ පැවති සාකච්ඡාවලින් අනතුරුව පාකිස්තානය ශ්‍රී ලංකාවට සිය මිලිටරි සහයෝගය යළිත් වරක් ලබාදෙන බව ප්‍රකාශ කර තිබනෙවා.
ආරක්ෂක අංශ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට පූර්ණ සහයෝගය ලබා දෙන බවට පාකිස්තාන ගුවන් හමුදා ගුවන් ප්‍රධානියා සහතික වූ බව පාකිස්තාන ඩේලි ටයිම්ස් වෙබ් අඩවිය වාර්තා කරනවා.
දෙරට අතර පවත්නා ද්විපාර්ශ්වික සහයෝගීතාව තවදුරටත් වැඩිදියුණු කිරීමට ඔවුන් දෙදෙනාම එකඟ වූ බව සදහන්.
පසුව, පාකිස්තාන ගුවන් හමුදා ගුවන් ප්‍රධානියා සහ ශ්‍රී ලංකා නාවික හමුදාවේ අණදෙන නිලධාරී වයිස් අද්මිරාල් පියල් ද සිල්වා අතර සාකච්ඡාවක් ශ්‍රී ලංකා නාවික හමුදාපතිවරයාගේ කාර්යාලයේදී පැවැත්වුණා.
රැස්වීමේදී ද්විපාර්ශ්වික ආරක්ෂක සහයෝගීතාව හා අන්‍යෝන්‍ය අවබෝධය සම්බන්ධ කරුණු දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුණා.
පාකිස්තාන ගුවන් හමුදා ගුවන් ප්‍රධානියා නාවික මූලස්ථානයට පැමිණෙන විට, ශ්‍රී ලංකා නාවික හමුදාවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඔහුට ගෞරව ආචාරද පිරිනැමීම සිදුවුණා.
653 Views
Comments