රජයේ රස පරීක්ෂකවරයා කළ දැනුම් දීමෙන් කුණු කන්ටේනර් ප්‍රශ්ණය තවත් දුරදිග යයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
13

රජයේ රස පරීක්ෂකවරයා කළ දැනුම් දීමෙන් කුණු කන්ටේනර් ප්‍රශ්ණය තවත් දුරදිග යයි

රජයේ රස පරීක්ෂකවරයා කළ දැනුම් දීමෙන් කුණු කන්ටේනර් ප්‍රශ්ණය තවත් දුරදිග යයි

මෙරටට ගෙන්වා ඇති කැළි කසළ සම්බන්ධයෙන් රජයේ රස පරීක්ෂක කර ඇති දැනුම්දීම පිළිබඳව විමර්ශනයක් කර වාර්තා කරන ලෙස අභියාචනාධිකරණය අද අධිකරණ අමාත්‍යාංශයේ ලේකම්වරයාට නියෝග කර තිබෙනවා.

 

අදාළ අපද්‍රව්‍ය සහිත කැළි කසළ බහාලුම්වලින් නියැදි ලබාගෙන ඒවා මිනිස් සිරුරට හා පරිසරයට කෙතරම් හානිදායකදැයි වාර්තා කරන ලෙස අධිකරණය රජයේ රස පරීක්ෂකවරයාට නියෝග කර තිබුණි. එහෙත් එම නියෝගය ඉටුකිරීම සඳහා අවශ්‍ය පහසුකම් නොමැති බවට රජය රස පරීක්ෂකවරයා අභියාචනාධිකරණයට දැනුම්දී තිබේ.

 

මේ අනුව එම දැනුම්දීම සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍යාංශ ලේකම්වරයා කරන විමර්ශනයට මග පෙන්වමින් උපදෙස් ලබාදෙන ලෙස අධිකරණ අමාත්‍යවරයාට හා නීතිපතිවරයාට අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු යසන්ත කොදාගොඩ හා අර්ජුන ඔබේසේකර යන මහත්වරුන් මෙහිදී නියෝග කර ඇත.

 

තම අධිකරණය රජයේ රස පරීක්ෂකවරයා වෙත අදාළ නියෝගය ලබාදී දීර්ඝ කාලයක් ගත වී ඇතැත් මේ දක්වා සැහැහීමකට පත්විය හැකි මට්ටමේන් ක්‍රියාත්මක නොවිම පිළිබඳව විනිසුරු මඩුල්ල කණස්සල්ල පළකරමින් අධිකරණ අමාත්‍යාංශ ලේකම්වරයාට දැනුම් දුන්නේ විමර්ශන ප්‍රගතිය ලබන 13 වැනි දා අභියාචනාධිකරණයට දැනුම්දෙන ලෙසයි.

 

එම කැළි කසළ ගෙන් වූ රටවලටම ආපසු යැවීමට මධ්‍යම පරිසර අධිකාරිය වගඋත්තරකාර පාර්ශව සමග සාකච්ඡා කරමින් පවතින බව මෙහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් මිලින්ද ගුණතිලක මහතා අධිකරණයට දැනුම් දුන්නේ ය.

 

විනිසුරු මඩුල්ල පැවසුවේ, අදාළ කැළි කසළ ප්‍රතිඅපනයනයට පියවර ගන්නේ නම් තම අධිකරණය ලබාදී ඇති නියෝග එම ක්‍රියාවලියට බාධාවක් නොවන බවයි.

 

විදේශ රටවලින් අනයනය කර මේ වන විට කොළඹ වරායේ සහ කටුනායක ආයෝජන ප්‍රවර්ධන කලාපයේ ගොඩ ගසා ඇති කැළි කසළවල මිනිස් සිරුරට හා පරිසරයට දැඩි හානි දායක ද්‍රව්‍ය ඇති බැවින් ඒවා ආපසු එම රටවලට යැවීමට නියෝගයක් කරන ලෙස ඉල්ලා පරිසර යුක්ති කේන්ද්‍රය විසින් මෙම නඩුව ගොනු කර ඇත.

views

869 Views

Comments

arrow-up