බන්ධනාගාරයේ වාට්ටුවක් ඇතුළෙන් සුපිරි ගෘහ උපකරණ හමුවෙයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAY
13

බන්ධනාගාරයේ වාට්ටුවක් ඇතුළෙන් සුපිරි ගෘහ උපකරණ හමුවෙයි

 බන්ධනාගාරයේ වාට්ටුවක් ඇතුළෙන් සුපිරි ගෘහ උපකරණ හමුවෙයි

මීගමුව බන්ධනාගාරයේ් L වාට්ටුවේ තිබි විදුලි උපකරණ හමුවීම සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. කොළඹ රිමාන්ඞ් බන්ධනාගාරයේ අධිකාරිවරයා ඒ සඳහා පත්කර සිටින බවයි බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ජයසිරි තෙන්නකෝන් පැවසුවේ.

 

විමර්ශනයේ මූලික වාර්තාව සතියක් තුල තමන් වෙත ලබාදෙන ලෙසද බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා උපදෙස් දී තිබෙනවා. 

 

මීගමුව බන්ධනාගාරයේ් L වාට්ටුවේ තිබි විදුලි උපකරණ සොයා ගැණුනේ බන්ධනාගාර බුද්ධි නිලධාරීන් පෙරේදා කළ හදිසි වැටලීමකදීයි. දොර දෙකේ ශීතකරණයක්, නවීන වර්ගයේ මෙට්ට 2. විදුලි උදුනක් සහ විදුලිපංකා 2ක් ද ඒ අතර වනවා.  

 

මෙම විදුලි උපකරණ මීගමුව බන්ධනාගාරය වෙත පැමිණියේ කෙසේදැයි සහ බන්ධනාගාර නිලධාරීන්ද ඊට සහය දී ඇත්දැයි විමර්ශනයේදී සොයා බැලෙනු ඇති. 

 

මෙම විමර්ශන සඳහා මීට පෙර වෙනත් බන්ධනාගාර අධිකාරිවරුන් 3 දෙනෙකු නම් කරනු ලැබ සිටියා. එහෙත් ඔවුන් ඊට අකමැති වී ඇති බවයි බන්ධනාගාර ආරංචි පැවසුවේ. විමර්ශනය සඳහා කොළඹ රිමාන්ඞ් බන්ධනාගාරයේ අධිකාරිවරයා පත් කර ඇත්තේ ඒ අනුවයි. 

views

746 Views

Comments

arrow-up