සරසවි වරම් ලබාදීමේදී 'z' අගය වෙනුවට පාසල් පාදක කරගත් අලුත්ම වැඩපිලිවෙලක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
12

සරසවි වරම් ලබාදීමේදී 'z' අගය වෙනුවට පාසල් පාදක කරගත් අලුත්ම වැඩපිලිවෙලක්

සරසවි වරම් ලබාදීමේදී 'z' අගය වෙනුවට පාසල් පාදක කරගත් අලුත්ම වැඩපිලිවෙලක්

රජයේ විශ්ව විද්‍යාල සඳහා සිසුන් බඳවා ගැනීමේදී දැනට දිස්ත‍්‍රික් මට්ටමින් ඉසෙඩ් අගය වෙනුවට පාසල් පදනම් කරගත් නව විද්‍යාත්මක ක‍්‍රමවේදයක් හඳුන්වාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබෙනවා.


ඒ සඳහා අදාළ නිර්දේශ ඉදිරිපත් කිරීමට අදාළ විෂය කෙෂ්ත‍්‍රය පිළිබඳ ප‍්‍රවීණයින්ගෙන් යුත් විෙශ්ෂඥ කමිටුවක් පත්කිරීමට ද තීරණය කෙරුණු බව අධ්‍යාපන, ක‍්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවසුවා.

 

ඩලස් අලහප්පෙරුම මහතා මේ බව පැවසුවේ රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (12) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින්.

 

මෙය මෙම වසරේ අ.පො.ස උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන් වෙනුවෙන් හඳුන්වා නොදෙන බව කී ඇමැතිවරයා 2020 වසරේ සිට හඳුන්වාදීමට බලාපොරොත්තු වන බව ද සඳහන් කළා.


ජාතික පාසල් සංඛ්‍යාව 1000ක් දක්වා වර්ධනය කිරීමට ද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බව අලහප්පෙරුම මහතා කියාසිටියා.

views

736 Views

Comments

arrow-up