UNHRC මහ කොමසාරිගේ ඉල්ලීම
For Sri Lankan's Overseas
Latest_News
calendar
FEB
19

UNHRC මහ කොමසාරිගේ ඉල්ලීම

UNHRC මහ කොමසාරිගේ  ඉල්ලීම

සාමකාමී සමාජයක් හා තිරසාර සංවර්ධනයක් වෙනුවෙන්, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 30/1 යෝජනාව ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන ලෙස මානව හිමිකම් කවුන්සිලයේ මහ කොමසාරිස් මිෂෙල් බැචලෙට් මහත්මිය ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටී.

 

මෙවර පැවැත්වෙන 43 වැනි සැසිවාරයට පෙර මහ කොමසාරිස්වරිය විසින් ඉදිරිපත් කර ඇති වාර්තාවක මේ බව සඳහන් වේ. 43 වැනි සැසිවාරය පෙබරවාරි 24 වැනිදා සිට මාර්තු 20 වැනිදා දක්වා පැවැත්වේ.

 

අදාල 30/1 වාර්තාවට අනුව ප්‍රතිසන්ධානය, වගවීම, මානව හිමිකම් ප්‍රවර්ධන යන අංශයන්ගෙන් ශ්‍රී ලංකාව යම් ප්‍රගතියක් අත් කරගෙන ඇති නමුත් තවත් කරුණු ගණනාවක් සම්පූර්ණ කිරීමට අසමත් වී තිබේ.

 

ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත සමාලෝචනය කිරීම හා එම පනත අවලංගු කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය අවධානය යොමුකළ යුතු බව ද එම වාර්තාවේ සඳහන් වේ.

 

කෙසේ වෙතත් ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද ප්‍රකාශ කර තිබුණේ 30/1 යෝජනාවේ සම අනුග්‍රාහකත්වයෙන් ඉවත් වීමට නිළ වශයෙන් තීරණය කර ඇති බවයි.

views

564 Views

Comments

arrow-up