වෝහාරික විගණන වාර්තා විවෘත නොකිරීමට පියවර
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
03

වෝහාරික විගණන වාර්තා විවෘත නොකිරීමට පියවර

වෝහාරික විගණන වාර්තා විවෘත නොකිරීමට පියවර

මහ බැංකු බැදුම්කර සිද්ධිය පිළිබද වෝහාරික විගණන වාර්තා මීළග කෝප් කමිටුව ස්ථාපනය කරන තෙක් රහස්‍ය වාර්තාවක් ලෙස කෝප් කමිටු ලේකම් කාර්‍යාලයේ තැබීමට හිටපු කෝප් කමිටු සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති මහතා තීරණය කර තිබේ.

 


වෝහාරික ගිණුම් පිළීබද වාර්තා 05 ක් ශ්‍රී ලංකා මහ බැංකුවෙන් ලැබී තිබුණී.මෙම වාර්තා කෝප් කමිටු සාමාජිකයන්ට පමණක් පරිහරණය කළ හැකි බවටත් ,ඒවා නීතිමය කටයුතු සදහා පමණක් භාවිත කළ යුතු බවටත්, නීතිපතිතුමා ලබා දී ඇති උපදෙස් ප්‍රකාරව ඒවා රහස්‍ය ලෙස තබා ගැනීමට කටයුතු කරන බව ද හදුන්නෙත්ති මහතා පැවසීය.

 


ඒ අනුව එම වෝහාරික ගිණුම් වාර්තා විවෘත නොකෙරුනු බවත්, ඒවා නැවත කෝප් කමිටුව ස්ථාපනය වූ පසු එහි සාමාජිකයන්ගේ අනුමැතිය මත ඒ පිළිබදව පියවර ගන්නා ලෙස තමන් කෝප් කමිටු ලේකම් කාර්‍යාලයට උපදෙස් දුන් බවත් ඒ මහතා කීවේය.   

 

 


වසර 2002 සිට 2015 පෙබරවාරි 28 දක්වා කාලය තුළ මහ බැංකු ගනුදෙණු සිදුව ඇති ආකාරය පිළිබදව, මෙම වෝහාරික විගණනයේ දී අවධානය  යොමුව ඇත.මෙම වාර්තාව සම්බන්ධයෙන් ගතයුතු ඉදිරි පියවර සම්බන්ධව සාකච්ජා කිරීම සදහා කෝප් කමිටුව අද කැදවා තිබුණ ද, පාර්ලිමේන්තුව වාර අවසාන කිරීමත් සමග එය අවලංගු විය.

 

views

756 Views

Comments

arrow-up