නව රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරු දිව්රුම් දීම හෙට උදේ 9ට

නව රාජ්‍ය අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් හෙට උදෑසන 09ට ජනාධිපති කාර්යාලයේ දී දිවුරුම් දීමට සියලු කටයුතු සුදානම් බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරනවා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට කැබිනට් අමාත්‍යාංශ තුනක් කැබිනට් අමාත්‍ය ධුරයන් වෙන් කරන විට ලබා දිය යුතුව තිබුණද අමාත්‍ය ධුර හිමිවූයේ නිමල් සිරිපාල ද සිල්වා සහ මහින්ද අමරවීර යන මහත්වරුන්ට පමණකි.
එබැවින් නොලැබුණු අමාත්‍යංශය පිළිබදවත් රාජ්‍ය ඇමතීදුර පිළබදවත් ජනපතිවරයා සමඟ සාකච්ජා කීරිමක් ඒම පක්ෂය විසින් බලා පොරොත්තුවේ.ඒය රාජ්‍ය අමාත්‍යවරු නම් කිරීමට ප්‍රථම කළ යුත්තක් බවයි එම පක්ෂයේ ප්‍රභලයෙක් අප සමග පැවසුවේ.
රාජ්‍ය ඇමතිවරු පත් කීරීමට සඳුදා දිනයේ කටයුතු සුදානම් කරගෙන තිබුණද ඇමතිවරු තොරා ගැනීමට නොහැකි වීම නිසා ඒය හෙට දිනට කල්දැමීමට සිදුවිය.ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ අවශ්‍යතාව සපුරන්නට සිදුවුවහොත් රාජ්‍ය අමාත්‍යවරුන් නම් කීරීමට තවත් පමා විය හැකි බවයි දේශපාලන ආරංචි මාර්ග සදහන් කරන්නේ.
763 Views
Comments