රාජ්‍ය ආයතනවලට ප්‍රධානීන් බඳවා ගැනීමට ජනපතිගෙන් නව ආදර්ශයක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
27

රාජ්‍ය ආයතනවලට ප්‍රධානීන් බඳවා ගැනීමට ජනපතිගෙන් නව ආදර්ශයක්

රාජ්‍ය ආයතනවලට ප්‍රධානීන් බඳවා ගැනීමට ජනපතිගෙන් නව ආදර්ශයක්

රාජ්‍ය ආයතවල සභාපතිවරුන් හා අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයක් බඳවා ගැනීම වෙනුවෙන් ජනපති ලේකම් කාර්යාලය පුරවැසියන්ගෙන් අභිලාෂ (කැමැත්ත) කැඳවීමට තීරණය කර තිබෙනවා.

 

ඒ අනුව රාජ්‍ය ආයාතන හා ව්‍යාපාර ලාභදායි ලෙස පවත්වාගෙන යෑමට ඒවා ලාභදායි වභාපාර ලෙස පත්කිරීමට හැකි සුදුසුකම් ලත් වෘත්තීය වේදින්ගෙන් ජනපති ලේකම් කාර්යාලය අභිලාෂ කැඳවීමට තිරණය කර තිබේ.

 

මේ සඳහා වන දැන්වීම් පුවත් පත් මගින් ප්‍රකාශයට පත්කර තිබේ. එසේ යොමුකරන අභාලාෂ පත්‍රිකා වෘත්තීය වේදීන්ගෙන් සමන්විත කමිටුවක් මගින් නැවත සලකා බැලීමෙන් පසුව පත්කිරීම් සිදුකීරිමට නියමිතයි.

 

මේ සඳහා ශ්‍රී ලාංකික පුරවැසියන්ට මෙන්ම විදේශයන්ගේ ජීවත්වන ශ්‍රී ලාංකිකයන්ට අභාලාෂ කැඳවීම් ඉදිරිපත් කළ හැකි බව ජනපති ලේකම් කාර්යාලය නිකුත් කළ දැන්වීමේ සඳහන් වෙයි.

 

එම අභිලාෂ කැඳවීමේ පත්‍රිකා දෙසැම්බර් 18දාට ප්‍රථමව ජනපති අතිරේක ලේකම්, ලේකම් කාර්යාංශය, ජනපති ලේකම් කාර්යාලය, කොළඹ 01 ලිපියනට හෝ [email protected] යන විද්‍යුත් තැපැල් ලිපියනයට යොමුකරන ලෙසද ජනපති ලේකම් කාර්යාලය පවසයි.

 

views

1155 Views

Comments

arrow-up