ජනාධිපති ගෝඨාභය හමුවී සාකච්ඡා කරන්න සූදානම්
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
21

ජනාධිපති ගෝඨාභය හමුවී සාකච්ඡා කරන්න සූදානම්

ජනාධිපති ගෝඨාභය හමුවී සාකච්ඡා කරන්න සූදානම්

දෙමළ ජාතික සන්ධානය ඉදිරි දින කිහිපය තුළ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවී සාකච්ඡා කිරීමේ සූදානමින් පසුවන බව එම සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ටෙලෝ සංවිධානයේ නායක සෙල්වම් අඩෙයිකලනාදන් මහතා පවසනවා. දෙමළ ජනතාවගේ නිරන්තර ගැටළු සහ ඒවා නිරාකරණය කිරීම පිළිබඳ මෙහිදී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවද ඔහු කියා සිටියා.

 

ජනාධිපතිවරයා සමගින් සිදුකරන මෙම හමුවට දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන පක්ෂ ත්‍රීත්වයෙහිම නියෝජිතයින් සහභාගි වීමට නියමිත බවද සෙල්වම් අඩෙයිකලනාදන් මහතා පවසනවා.

 

රටේ සෑම ජනතාවකගේම අර්බුද හඳුනාගෙන ඊට සුදුසු ක්‍රියාමාර්ග ගන්නා බවට සහ සෑම ජාතියකටම සම අයිතියක් ලබා දෙන බවට ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කර සිටියා.ජනපතිවරයාගේ එම ප්‍රකාශය සහ ස්ථාවරය නිසාවෙන් දෙමළ ජනතාවගේ ගැටළු ගැන සාකච්ඡා කරන්න දෙමළ ජාතික සන්ධානය එතුමන්ව මුණගැසෙනවා යැයිද මන්ත්‍රිවරයා සදහන් කළා.

views

707 Views

Comments

arrow-up