සජිත් දිවියන් සංරක්ෂණයට කැපවෙයි - දේශපාලනයෙන් සමුගැනීමේ සූදානමක් ?

තම දිවියේ ඉතිරි කාලය ශ්‍රී ලංකාවේ දිවියන් සංරක්ෂණය කිරීම වෙනුවෙන් ආරම්භ කර ඇති 'දිවියන්ගේ ව්‍යාපෘතිය' වෙනුවෙන් කැප කරන බව නව ප්‍රජාත්‍යන්ත්‍රවාදී පෙරමුණේ ජනපති අපේක්ෂකයා ලෙස කටයුතු කළ සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
සිය ට්විටර් සහ ෆේස්බුක් ගිණුම් හරහා ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව සඳහන් කරයි. පක්ෂයේ ඉහළ පවතින අර්බුධකාරී තත්වය හේතුවෙන් දේශපාලනය පිළිබඳව යම් කළකිරීමකින් ඔහු සිටින බවයි හරීන් ප්‍රනාන්දු මහතා ද කියා සිටියේ.
සජිත් ප්‍රේමදාස මහතා දේශපාලනයට සමුදීමට ඉඩ ඇතිබව පෙනෙන්නට තිබුණත්, එසේ වීමට ඉඩ නොදී වෙනත් පක්ෂයකින් හෝ එජාපයේ නව දේශපාලන ගමන ඇරඹීමට සූදානම් වන බව හරීන් ප්‍රනාන්දු මහතා සදහන් කර තිබෙනවා.
956 Views
Comments