චීනයට ආධාර ලබාදීමට සූදානම් වෙයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
FEB
05

චීනයට ආධාර ලබාදීමට සූදානම් වෙයි

චීනයට ආධාර ලබාදීමට සූදානම් වෙයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය පූර්ණ සහයෝගය පළ කරමින් චීන ජනාධිපති ෂී ජින්පින්ග් මහතාට මේ සතියේදී ලිපියක් යවනු ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

 

ඊට අමතරව විශේෂයෙන්ම වූහාන් නගරයට ආධාර යැවීමේ හැකියාව සම්බන්ධයෙන් සලකා බලනු ඇතැයි ද එම ආරංචි මාර්ග කියයි.

 

කොරෝනා වයිරසය ශ්‍රී ලංකාව තුළ ව්‍යාප්ත වීම වැළැක්වීම සහ ආරක්ෂිත පියවර ගැනීම මෙන්ම අදාළ කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා ස්ථාපිත කර තිබෙන විශේෂ කාර්ය සාධක බලකාය අඛණ්ඩව ජනාධිපතිවරයා දැනුවත් කරන බවත් චීනයට ආධාර යැවීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා එම බලකායේ සාමාජිකයන් සමඟ සාකච්ඡා පවත්වනු ඇති බවත් වාර්තා වේ.

 

චීනය ශ්‍රී ලංකාවෙන් නිල වශයෙන් ආධාර ඉල්ලා හෝ ඒ සම්බන්ධයෙන් හෝ ඉල්ලීමක් කර නොමැති නමුත් චීනයට ආධාර කිරීම සඳහා ජනාධිපතිවරයාගේ අවධානය යොමු වී තිබේ. විශේෂයෙන්ම ඇමෙරිකා එක්සත් ජනපදය, උතුරු කොරියාව, ජපානය සහ පාකිස්තානය ආදී රටවල් ස්වේච්ඡාවෙන්ම චීනයට වෛද්‍ය පහසුකම්, උපකරණ, මුඛ ආවරණ ආදිය සපයමින් සහයෝගය දැක්වීම ඊට හේතු වී තිබේ.  

 

කොරෝනා වයිරසය ව්‍යාප්ත වීම නැවැත්වීමට ආසාදිතයන්ට ප්‍රතිකාර කිරීමටත් චීනය දැවැන්ත මෙහෙයුමක් ක්‍රියාත්මක කරයි.

 

චීනයට වෛද්‍යවරුන් කණ්ඩායමක් යැවීමට පාකිස්තානය දැනටමත් තීරණය කර ඇති අතර උතුරු කොරියාව ද චීනයට උපකාර කිරීමට ඉදිරිපත් ව සිටී. උතුරු කොරියානු නායක කිම් ජොන්ග් උන් කනගාටුව සහ සහයෝගය පළ කරමින් චීන ජනාධිපතිවරයාට ලිපියක් ද යවා ඇත.

 

ඇමෙරිකාව ද එරට රෝග පාලන නිවාරණ මධ්‍යස්ථානවල කණ්ඩායමක් චීනයට යැවීමට තීරණය කර ඇති අතර ජපානය දැනටමත් චීනයට මුඛ ආවරණ යවා ඇත.

 

යුනිෆෙස් සංවිධානය ද පසුගිය සතියේදී චීනයට මුඛ ආවරණ, ආරක්ෂිත ඇඳුම් පැළඳුම් කට්ටල ආදී වෛද්‍ය උපකරණ හා පහසුකම් චීනයට යැවීය.

 

ජමිලා හුසේන් (ඩේලිමිරර්)

views

879 Views

Comments

arrow-up